දේශීය පුවත්

ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මුල් වූයේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් පිටු 200 ක දිවුරුම් ප්‍රකාශය නිසා බව අනාවරණය වී ඇත.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා වන්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් විධාන භාරව සිටියේ තමා බව එම දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබේ.

මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබණි.

මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස්‌ කරගෙන ඇත.

පසුව යහපාලන රජය යටතේ ඔහුට තානාපති ධුරයක්‌ ද ලබාදී තිබුණි.

දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්‌සිනා වූ මෙම නිලධාරියා තානාපති ධුරය ලබාගෙන ඇත්තේ සිය අලුත් නමින් බව හෙළි වී ඇත.

මේ අතර වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක්‌ බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත යටතේ විමර්ශනයක්‌ ආරම්භ කර නැත.



One thought on “ශවේන්ද්‍රට යුද අපරාධ චෝදනා එන රහස හෙලිවෙයි!”

  1. මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා කවුද (ඔහුගේ කලින් නම සහ දැන් නම ) ඔහු දැන් කුමන රටක කුමන සේවයක සිටිනවාදැයි දැන ගැනීමට ලාංකික රටවැසියනට අයිතියක් ඇත. විශේෂයෙන් පවතින රජය ඒ ගැන නිහඩව සිටින බැවින් මේ හෙළිදරවුව අත්‍යාවශ්‍ය වනුයේ එවැනි ද්‍රෝහීකම් මුදලට/තනතුරු සදහා අනාගතයේ කිරීමට සිටින්නන් අදයිර්ය කිරීම සදහාය.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More