දේශීය පුවත්

රට අවුල් කරන NGO සංවිධානවල සහ දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම් පාලනය කිරීමට රටේ බහුතර ජනතාව නීතිය පිළිබද අවබෝධය ලබා ගත යුතුය.නීතිය නොදැනීම සමාවට කාරණාවක්ද නොවේ.

පාර්ලිමේන්තුව පනත් සම්මත කිරීමේදී පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා ලබා දෙන සෑම නඩු තීන්දුවකින්ම නීති සාදන බව රටේ ඇතැම් පිරිස් දන්නේ නැත.

රට පාලනය කරන පාලකයන්ද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු මගින් නීති සාදන බව ජනතාවගෙන් සගවන අතර ඒ සදහා ඉංග්‍රීසි භාෂාව ජනතාව නීතියෙන් ඈත් කරන මෙවෙලමක් ලෙසද යොදා ගනිති.

මෙරට විශ්ව විද්‍යාලවල ඇතැම් උගතුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති ලෙස සළකන බවත් එකී නඩු තීන්දු රටේ සියලුම ජනතාවට අදාලවන බවත්, සියලු පුරවැසියන් එම නඩු තීන්දු මගින් බැද තබන බවත් අවබෝධයෙන් තොරව සිටී. රටේත් සිංහල ජාතියේත් අවාසනාව එයයි.

මෙහි ප්‍රතිඵලය වන්නේ NGO සංවිධාන සහ රටට එරෙහි ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හරහා රටේ බහුතර සිංහල ජනතාවට නොවැටහෙන ලෙස නඩු තීන්දු මගින් නීති සාදාගෙන ලංකාව දිගින් දිගටම යටත් විජිත කොළණියක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ලැබීමයි.

මේ තත්ත්වය නිවැරදි නොවුණහොත් ජාත්‍යන්තර විනිසුරන්ට පමණක් නොව රටට එරෙහි ඕනෑම ආයෙකුට වඩා පහසුවෙන් ලංකාවේ ජනතාවට අදාල නීතිය හැසිරවීමට අවස්ථාව ලැබේ.

ජපානයේ, චීනයේ, කොරියාවේ, ජර්මනියේ,ප්‍රංශයේ හෝ වෙනත් දියුණු රටවල් කිසිවක බහුතර ජනතාවට කියවා තේරුම් ගත නොහැකි භාෂාවෙන් ඉහළ අධිකරණ තීන්දු ලබා දෙන්නේ හෝ නඩු විභාග කරන්නේ නැත. ලංකාවේ ඉහළ අධිකරණවල නඩු විභාග කිරීම හෝ ලබා දෙන නඩු තීන්දු රටේ බහුතර ජනතාවට වැටහෙන්නේ නැත. ජනතාව නීතියේ පාලනයෙන් ඈත්කර තිබීමටත්, ව්නයගරුක පුරවැසියන්ගෙන් යුත් සමාජයක් ඇතිකර ගැනීමටත් බාධා වී ඇත්තේ මේ හේතුවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන මගින් මේ තත්ත්වය වෙනස් කරගැනීමට ප්‍රායෝගික පියවර ගෙන ඇත.

පුරවැසියන්ගේ අත්සන් ලක්ෂයක් මගින් ජනාධිපතිවරයාගේ අවධානයට මෙම අසාධාරණ නීති පැන්වීමේ ක්‍රමය යොමු කර ජනමතයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබාදීම සිංහල භාෂාවෙන් විය යුතුද? යන්න ජනතාවගෙන් විමසීමට අදාල ක්‍රියාමාර්ග ගෙනෙ ඇත.

නීතිඥවරු වෘතිකයන් ඇතුලු සමාජයේ බොහෝ පිරිස් මේ සදහා සිය අත්සන ලබාදෙමින් සහාය පළකරමින් සිට්ති. මේ වනවිට පුරවැසියන් හතලිස් දහසකට වැඩි ප්‍රමණයක් මේ ඉල්ලීමට සහාය ප්‍රකශ කර සිය අත්සන ලබා දී ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන
දුරකථන 0712063394



2 thoughts on “විදෙස් විනිසුරුවරුන්ගේ සහ NGO අයුතු බලපෑම් වලට රතු එළියක්… ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂයක් …!”

Leave a Reply to Veena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More