දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ජර්ස් කෝපරේෂන් සංවර්ධන ආධාර ගිිවිසුම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව ඊයේ (30 දා* කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ විට මෙය අධ්‍යයනය සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත.

මෙය ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුම යටතේ ලැබෙන ආධාර ඉතා වැදගත් වන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, මංගල සමරවීර මුදල් අමාත්‍ය වරයා කෙතරම් ඉල්ලීමක් කර ද එම යෝජනාවට අනුමැතිය ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී නොමැත.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය ද තමාට ලිපියක් එවා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර ජනපතිවරයාගේ මතය නිසා එය සම්මත වීම පසුවට කල්තබා ඇත.



One thought on “මිලේනියම් ගිවිසුම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනයට ජනපති කල් ඉල්ලයි”

  1. කොන්ද පණ තියනවා නම් මේ ඉඩම් පනතට කෙලින්ම විරුද්ද වෙන්න බැරිද?

    ඔය පනත සම්මත උනොත් එයාගේ නෑයන්ටත් කියන්න වෙයි වී මෝල් විකුණලා වෙන බිස්නස් පටන් ගන්න කියලා. ඇමරිකන් , ඉන්දියන්, ජපන් මහා ආයෝජන (වහල් ) වියාපාර ඇවිත් ගොවීන්ගේ ඉඩම් කොල්ල කාල වී ඇටයක් වගා කරන්නවත් ගොවීන්ට ඉඩම් නැති වුනාට පස්සේ මොටද වී මෝල්?
    දැනටමත් මහා පරිමාණයෙන් “කැවෙන්ඩිෂ්” කියන කෙසෙල් වගාවක් කරන ජපන් වියාපාරයක් තමන්ගේ හිතුමතේට ඇළ වේලි හරස් කරගෙන මේ බිමේ උපන් මිනිසුන්ට , සතා සීපාවට වතුර ටික අහිමි කරන හැටි පේනවනෙ.
    මේ එන්න ඉන්න ආයෝජකයෝ ආවාට පස්සේ අපිට මුදට පනින එක විතරයි ඉතුරු වෙන්නේ.

    ඒවගේම, තවත් දෙයක්.
    අර සංගීත සංදර්ශනයකදී බ්‍රෙසියර් එකක් ගලවලා වීසි කලාට කේන්තියෙන් කතා කරපු ජනපතිට, රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදයකදී සිදුවුණා කියන අමානුෂික ලිංගික අතවර ගැන පුවත කනට වැටුනේ නැද්ද? පොලීසියට , ඒ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඒ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න බල කරන්නේ නැද්ද කියලත් අපි අහන්න කැමතියි.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More