දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය හම්බන්තොට චීන වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ඉඩම් විකිණීම රනිල්ගේ ප්‍රයත්නය. රනිල්ට මතක් කරනවා. ජනතා ඉඩම් කොල්ලකෑම. මහබැංකුව කොල්ලකෑම තරම් පහසු නැහැ. ඕන අභියෝගයකට සූදානම්. ජනපතිවරණයට ඉදිරිපත් වුණොත්. ඇප නැතිව ගෙදර යවනවා

පාස්කු බෝම්බයට ත්‍රස්තවාදීන් පාවිච්චි කළා. අමෙරිකාව සහ යුරෝපයේ කුමන්ත්‍රණයක්. ඒ රටවල් ආණ්ඩුවට අනතුරු ඇඟවූවා. හම්බන්තොට වරාය චීන සමාගමකට දුන්නොත්. රටට අනාගතයක් නැහැ කියලා

ජාතිවාදී ගැටුම් ඇතිවුණා. මේ සියල්ල හම්බන්තොට ගිවිසුමේ ප්‍රතිඵල. ජාතික ආරක්ෂාවට බාධාවක්. ගිවිසුම අහෝසි කළ යුතුයි. විකුණද්දි ණය ඩොලර් බිලියන 60යි. දැන් ඩොලර් බිලියන 85 ඉක්මවලා. මෙරට විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක්. රනිල් ප්‍රමුඛ නඩය කරනවා“

පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක්-විජේදාස

පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක්-විජේදාස

Gepostet von Ada Derana Sinhala am Dienstag, 30. Juli 2019



One thought on “පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක්…හම්බන්තොට චීනෙට දුන්නොත් රටට අනාගතයක් නැති බව ඇමෙරිකාව පෙන්නුවා – විජයදාස”

  1. “…ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි…”

    UNP පැත්තේ එක්කෙනෙකුට හරි රට ගැන කැක්කුමක්, මොළයක් තියන බව අහන්නත් සතුටුයි.

    ඒ ගිවිසුම විතරක් නෙවෙයි, සෝෆා , ඇක්සා , මේ රජය විදේශ වලට විකුනපු රටේ සම්පත් පිළිබද ඔක්කොම ගිවිසුම් අහෝසි කරන්න ඕන. මේවාට මහා ජනයාගේ බලවත් විරෝධයක් තිබියදීත්, දේශ ද්‍රෝහී , දුර්වල , හොර ,ආණ්ඩුවකින් අයුතු ප්‍රයෝජන ගත්ත මේ විදේශ රටවල් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංගනය කිරීමක්.

    මේ විකුණුම් වැඩ වලදී හුවමාරු වෙච්ච “කොමිස් “, “අතයට මුදල්” හෙළිකර ගත්තොත් මේ “ප්‍රජාතන්ත්‍ර විරෝදී” ගිවිසුම් බව හොදින් එලිවේවි.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More