දේශීය පුවත්

අද(30) දින නෙළුම් පොකුණ ශාලාවේ පැවැත්වෙන වහාබ්වාදයට සුදුහුණු ගෑමේ ආගමික සමුළුවට ත්‍රෛයි නිකායික අනු නායක හිමිවරුන් කැඳවා ගැනීමට සංවිධායකයින් සමත් වී  ඇති බව වාර්තාවේ.

ඔවුන්ගේ උත්සාහය මහා සංඝරත්නය දැඩි ස්ථාවරයක් ගැනීම වළක්වා අන්තවාදීන්ගේ ගමන බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ සැලැස්වීම බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

රජයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන එම සමුළුවට ශ්‍රී පාදස්ථානයට මුස්ලිම් ආගමික අයිතියක් තිබෙන බවට දේශන පැවැත්වූ දේශකයකු  මුදල් වැය කරන බව ද වාර්තා වේ.

ඒ අතර අගෝස්තු 6 වෙනිදා   මහා සංඝරත්නයේ නිල සහභාගිත්වයෙන් සර්වාගමික සමුළුවක් පවත්වා වහාබ්අන්තවාදීන්ගේ බැලන්ස් න්‍යාය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සැලසුම් කොට ඇති බවද වාර්තාවේ.  අමරපුර නිකායේ මහ නා හිමි නමක් ද ඊට ගොදුරු වී ඇති බවද වාර්තාවේ.

සෞදි ආරබියාව MWL (Muslim World League) හරහා යුරෝපය තුල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බව එක්සත් රාජධානි (UK) රජය විසින් එරටට අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලැබෙන ආකාරය සොයා බැලීම සඳහා පත්කළ කොමිෂන් සභා වාර්තාවක් 2017 ජූලි මස එලි දක්වමින් සඳහන් කර ඇත.

එම වීඩියෝව පහතින්



One thought on “වහාබ් අන්තවාදීන්ගේ ‘‘අල්ටකියා‘‘ හෙවත් ‘‘බැලන්ස් කිරීමේ‘‘ න්‍යායට මහා සංඝරත්නයත් ගොදුරුවේ”

  1. “අමරපුර නිකායේ මහ නා හිමි නමක් ද ඊට ගොදුරු වී ඇති බවද වාර්තාවේ.”

    ඒ හිමිනම කවුද කියා අපිත් දැනගන්න අවශ්‍යයි. ඔය සංවිධාන වල නියම තත්වය රටට හෙළි කරන්න.
    සමහර විට අපේ හාමුදුරුවන් මේ කූටකම් වලට නොදනුවත්කමෙන් රැවටිලාත් ඇති.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More