ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී හෙට (26) සිදු කිරීමට නියමිතය.
එම අවස්වථාට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබේ.
අද සවස රැස් වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ගිවිසුම් ගත වීමේ අවස්ථාවට සහභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.
එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ය.
ඒ අනුව මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් මෙකී වර්ජනය සිදු කරනු ඇත.
මීට අමතරව හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මහින්ද රාජපක්‍ෂට මේ වගේ “පොඩි” වැඩ කරන්න උපදෙස් දෙන්නේ කවුද? බැසිල් රාජපක්ෂද?
තමන්ම තමන්ගේ වල කපා ගන්නවා නම් මොනවා කරන්නද? රටේම අවාසනාව තමයි කියල නිකම් ඉන්නත් බෑ. විමල්, උදය, වාසු , වයිද්‍ය වසන්ත බණ්ඩාර මේකට මොනවා හරි කරන්න.