දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ.

වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම් සිදුකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන සිදුකිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේම නායකයෙකුගේ අවශ්‍යතාව මත වෙල්ගම මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැති අතර පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර සිටීමත් තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරවීම කෙරෙහි දැඩි අප්‍රසාදයක් වෙල්ගම මහතා විසින් සිදුකොට තිබීමත් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුගේ නායකත්වය බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේදී ප්‍රතික්ෂේප විනි.



One thought on “සැබෑ ජනමතය පැහැදිලියි… ගෝඨාට එරෙහිවූ වෙල්ගම බදුල්ලෙන් පන්නයි”

  1. අනිවාර්යයෙන්ම… ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු අතර හොරුන් සමග සිටින දේශපාලන කරුමක්කාරයින් එම තනතුරු වලින් ඉවත්කර,ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පිරිසිඳු පක්ෂයක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරි සියළු මැතිවරණ සඳහා ඉදිරිපත්වීම අපේක්ෂා කරමි.

Leave a Reply to Mirza kamer Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More