දේශීය පුවත්

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම” පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 20 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස තමන්ට ෂරියා නීතිය යටතේ වද දී ඇඳුම් ඉරා සෙනග පිරුණු පාරේ ඇදගෙන ගිය බවයි ඇය පවසන්නේ. එසේම සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් 2019 මාර්තු මස 03 වන දින CIB 2 22/327, මාර්තු මස 25 වෙනිදා දින CIB 128/19, මාර්තු මස 26 වෙනිදා CIB 3 162/146, ,මාර්තු මස 30 වෙනිදා CIB 1 340/358 සහ මාර්තු 29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවද ඇය ප්‍රකාශ කර සිටියි.

කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා තිබේ.

Neth gossip news



One thought on “බණ්ඩාරගම ක්‍රියාත්මක වන්නේ ශරියා නීතියද..? සිංහල පුරුෂයෙකු සමඟ විවාහ වූ මුස්ලිම් කාන්තාවකට ශරියා නීතියෙන් දඬුවම්”

  1. බණ්ඩාරගම වගේ ප්‍රදේශයකදී මේ කාන්තාවට මේතරම් හිරිහැර කලා නම් නැගෙනහිර පළාතේදී මොනවා නොවෙයිද? මේ අන්තවාදී පුද්ගලයන් එන්න එන්නම මේවගේ බලපුළුවන්කාරකම් කරන්නේ ආණ්ඩුව ඇතුලත ඔවුන්ගේ ඇමතිවරුන්ගේ ඇති හයිය නිසයි.
    නැගෙනහිර පළාතේ ඉස්පිරිතාල වල සේවයේ නියුතු සිංහල කාන්තාවන්ටත් මේවගේ හිරිහැර සිදුවුණ බව ආරන්චියි.
    ඒත් මේවා ගැන ප්‍රසිද්ද ජන මාද්‍ය වලින් ප්‍රශ්න කිරීමක් වෙනවා පේන්නෙත් නෑ.

Leave a Reply to Tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More