ඇමෙරිකාව සමග අත්සන් කර ගැනීමට යෝජිත හස්ශ්‍ර අභියෝගතා සහයෝගිතා ගිවිසුම( millennium challenge corporation) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විරෝධය පල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම ගැටළුකාරී වී ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගිතා ගිවිසුමක් ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇති අතර ඒ යටතේ විවිධ කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන400 ක ප්‍රධානයක් ද ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකානු රජය එකඟතාවය පළ කර ඇති බව වාර්තාවේ. පළමු වසරේ 25%ක් වශයෙන් වසර හතරකින් ලබාදීමට ඇමෙරිකාව යෝජනා කර ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකාවේ බස් සේවය නවීකරණය අන්තර් පළාත් මහාමාර්ග සංවර්ධනය ඉඩම් ගිණුම්කරණය හා මිනින්දෝරු දෙපාර්තමේන්තුව නවීකරණය යන කාර්ය සඳහා එම ප්‍රධාන ලබා දීමට යෝජනා වී ඇති බවද රජයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.
රටවල් දෙකක් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇති අතර එය කිසිම ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි ලෙස සකස් කරනු ඇතැයිද පැවසේ.
මෙම තත්වය තුළ ගිවිසුම අත්සන් කිරීමට එකඟ වීමට නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව ද රජයේ ආරංචිමාර්ග සදහන් කරයි. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ බව දැනගන්නට ඇත. මේ අතර මෙම නව ගිවිසුම හරහා කොළඹ සිට ත්‍රිකුණා ත්‍රිකුණාමලය දක්වා ඉඩම් තීරුවක් ද ඇමෙරිකාවට බදු දෙන බවට ජාතික සංවිධාන පසුගියදා චෝදනා කර තිබුණි.
මෙම ගිවිසුම පිළිබදව ජාතික සංවිධාන විසින් අපවෙත යොමු කළ දීර්ග ලිපියක් පහතින් පලකොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේක කොහෙත්ම ” සහයෝගිතා” ගිවිසුමක් නොවේ. එමනිසා මාද්‍ය මෙය හැදින්වීමට තව දුරටත් මහජනයා නොමග නොයවන, එම ගිවිසුමෙන් කරන්නට යන හානියට උචිත අන්වර්ථ නමක් යොදා ගනීවි යයි අපි බලාපොරොත්තු වෙමු.
“…..සිරිසේන මහතා විරෝධය පල කර ඇතැයි …”
මේකත් අර “මන් විරුද්ද වෙන්නම් . ඔයාල කරගන්න” වගේ දෙයක්ද?
“….ශ්‍රී ලංකාවේ බස් සේවය නවීකරණය අන්තර් පළාත් මහාමාර්ග සංවර්ධනය ඉඩම් ගිණුම්කරණය හා මිනින්දෝරු දෙපාර්තමේන්තුව නවීකරණය යන කාර්ය සඳහා එම ප්‍රධාන ලබා දීමට….”
“බස් සේවය නවීකරණය” කියන කෑල්ල අතහැරියම ඉතුරු ටික අර ලංකාව දෙකඩ කරලා කොරිඩෝව හදන්න දෙන “උදව්” බව හොදටම පේනවා.
පාර්ලිමේන්තුව බිමට පාත් කරලා හරි වලක්වන්න ඕන දෙයක් මේක.
ඉන්දියාවට දෙන්න යන වරායේ නැගෙනහිර පර්යන්තය ගැන කෑ ගහන ජවිපෙ මේ වින්නැහිය ගැන නම් මීයට පිම්ඹ වගෙයි ! ඒ ඇයි?