වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලිය කියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(24) පැවසූහ.
සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද පැවසූහ.
වහබ්වාදීන් ගැන තමන් 2013 දී රටට කියන්නට පෙර අලෙවි මවුලානා හිටපු ඇමැතිවරයා විසින් 2007 දී මේ ගැන හෙළිදරව් කරනු ලැබ තිබුණු නමුත් බලධාරින් ඊට අවධානය යොමු නොකළේ යැයි ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
රාජගිරිය, සද්ධර්මාරාජිකාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
මගේ කටේ වචනනේ සැර වුණේ. බෝම්බෙ හරි සනීපයිනෙ. මේ ප්‍රශ්නෙ කතා කරලා තාමත් නඩු හයක් තියෙනවා. මේ සතිය ඇතුළත අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්න. දැන් එයා තෝරු මෝරු අයින් කරලා හාල්මැස්සෝ පෙන්නුවාම බුද්ධි අංශ ඒ පස්සේ පන්නනවා. අබ්දුල් රාසික්ගෙන් තොරතුරු ගන්නේ. හොර පැටව් ඉන්නෙ කොහෙද කියලා මහ හොරාගෙන් අහනවා. මේවා ගැන මම එක්සත් ජාතින්ගේ සංවිධානයට පවා ලියලා තියෙනවා. මේ දේවල් ගැන මම ලිඛිතව කළ දැනුම්දීම් ඉදිරි සතියේ විධිමත් විදියට රටට ඉදිරිපත් කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
එක්සත් ජාතීනුත් ඉතින් “හොරාගේ අම්ම” වගේනේ. ඒ අය හැමෝම පසුපසින් මෙහෙයවන්නේ ඇමරිකාව. පිට රටවල අය නම් මේවා හොදින් දන්නවා. හාමුදුරුවෝ නම් මේවා දන්නේ නැතුව වගේ. තමන්ගේ ගෙදර වෙන දේ තමන්ම බලාගන්න අපේ මිනිස්සු ඉගෙන ගන්නේ කවද්ද? ඒවා එලියට වමාරන්න ගියාම එයින් ප්‍රයෝජන ගන්නයි ඒ සංවිධාන වල පිටුපස ඉන්න අය බලාගෙන ඉන්නේ. දැන් හිතන්න ලෝකේ කිසිම යුද්දයක් නැත්නම් ඔය මානව හිමිකම් වගේ ඒවායේ තනතුරු දරාගෙන සැපට හම්බ කරගෙන කන අයට රස්සාවල් නෑ. ඉතින් අහන්න දෙයක්ද උන් ප්‍රශ්න පැටව් ගස්සනවා කියන එක.
ඩොලර් කාක්කොයි කාක්කියොයි ගැන කරන්න දෙයක් නෑ. නමුත් රටට හිතැති කව්රුත් මේ ඊනියා සංවිධාන ගැන දැනගන්න ඕන. මහජනයා මේවා ගැන නොදන්නේ ප්‍රසිද්ධ පත්තර රුපවාහිනී චැනල වලින් ඒවා ගැන හෙළිදරව් නොකරන නිසා. රටට මේ ඇතිවෙලා තියන විපත්තිය ගැනත් මේ පත්තර, චැනල සෑහෙන්න වග කියන්න ඕන.
තෝරු මෝරු පරෙස්සම් වෙලා නම් තව මාසෙකින් දෙකකින් හොදට සංවිදානය වෙලාම එලියට බහීවී. එකතැනක command center එකක් නැති , අන්තවාදීන් ගෙන් කප්පන් ගන්න පොලිස් නිලදාරීන් ඇති, හමුදාවට සපත්තු ගලවලා, කලින් දැනුම් දීල, පොලිස් සුනඛයෝ නැතිව වැටලීම් වලට යන්න කියල චක්‍ර ලේඛ යවපු පොලිස් ලොක්කෝ ඉන්න රටක් ගැන තවත් නම් ඉතින් මොන බලාපොරොත්තු තියාගන්නද?
1971 කැරැල්ලේදී ජේ වී පී පන්ති වලට ගිය පොඩි හාමුදුරුවරු සමහර පන්සල් වලින් ඇල්ලුවා කියල ආරන්චියි. එතකොටත් පොලීසිය ඒ පන්සල් වටලන්න ගියේ සපත්තු ගලවලා, කලින් දැනුම් දීලද කියල දැනගන්න කැමතියි.