දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඞ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදලක් ඉන්සාෆ් අහමඞ් මෙම ත‍්‍රස්ත සංවිධානය දියුණු කිරීම සඳහා යොදවා ඇති බව බුද්ධි අංශ පවසයි.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන යෑමට සහ ආරක්‍ෂිත නිල නිවස්න මිලදී ගැනීමට, යාන වාහන මිලට ගැනීමට මෙන්ම ආධුනික ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම සඳහා මූල්‍ය පහසුකම් ඉන්සාෆ් අහමඞ් විසින් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමට දින 4 කට පෙර එනම් අපේ‍්‍රල් මස 17 වැනිදා ඉන්සාෆ් අහමඞ් පෞද්ගලික බැංකුවක සිය ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 340 ක මුදලක් ලබාගෙන එය තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ඉදිරි කටයුතු සඳහා පාවිචිච් කිරීමට සහරාන්ගේ සොහොයුරා වූ රිල්වාන්ට ලබා දී ඇති බව බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ.

සමන්තුරේ සයින්දමරුදු ප‍්‍රදේශයේදී මොහොමඞ් රිල්වාන් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කර ගත් අවස්ථාවේ එම නිවසේ තිබී සොයාගත් මුදල් ඉන්සාෆ් අහමඞ් ලබාදුන් මුදල් බව ද අනාවරණය වී ඇත.



One thought on “සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි… පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දින 4 කට පෙර ලක්‍ෂ 340 ක් සහරාන්ගේ සොහොයුරා අතට දුන් බිලියනපති ව්‍යාපාරිකයා මෙන්න..”

  1. mama mewa kalinma leewa, owa hoyanna uwamanaa unta nam hoyanna etharam apahasu naha,..Insaaf ahamed ge gedara thibila ahuunu mudal bundle eka aniwaaryayenma aththe numerical oder ekakatai..ehemanam ea numbers tika lankaawe bankuwalin check kalaanam owa hoyanna etharamma apahasu naha, wade kiyanne, owa hariyata hewwoth horui, badui, okkoma ahuwenawa ne,…? anna ea nisaa ihalinma oders enawaa eawa hoyanna epai kiyala……

Leave a Reply to Paul peiris Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More