දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බිය සාමාන්‍ය සමාජයෙන් වියැකී ගොස් නැත.

ආරක්ෂාව තහවුරැ කිරීම සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

ප්‍රහාරයෙන් දින 10කට පමණ පෙර මෙම අවධානම සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලැබී තිබියදීත් හානිය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආරක්ෂාව භාර වගකිවයුත්තන්ට තවදුරටත් චෝදනා පිට චෝදනා එල්ල වෙයි.

මේ අතර තුර ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්  වූ අතර පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කොමිසමක්ද පත් කළේය.

සමස්ත රටම එක මොහොතින් අඩපණ වූ අතර තවමත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නැත. එය අපි අත්විඳිමින් සිටිමු.

කෙසේවෙතත් තවදුරටත් ආරක්ෂක විධිවිධාන තර කිරීමටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමටත් බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයද  පසුගිය (29) ස්ථාපනය කළේය.

එහි ක්‍රියාන්විතයන් දැන් සිදුවෙමින් තිබේ.

එහෙත් මෙරට ඉහළින්ම සිටින දේශපාලන අධිකාරිය ඔවුන්ට දෙන සහය සම්බන්ධයෙන්ද දැන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පසුගිය දිනෙක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් කැඳවා ඇත.

එහිදී ඉදිරි ආරක්ෂක සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම එහි ප්‍රධාන කාරණයක් ලෙස පැවති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් එම සාකච්ජාව සඳහා වාඩි වී ඇති අතර ජනාධිපතිවරයා විසින් එම ස්ථානයට බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ගෙන්වා ඇත.

ආරක්ෂක ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ “එහෙනම් දැන් ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසාද් සාලි වෙත කරුණු දක්වන ලෙසයි.

ආරක්ෂක ප්‍රධානීන්ද පූර්ව දැනුවත් කිරීමකින් තොරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉතා වැදගත් සාකච්ජාවකට මේ වන විටත් චෝදනා ලබමින් තිබෙන පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින් කැඳවා තිබීම ආරක්ෂක ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

එම අවස්ථාවේදීම ඉහළ නිලයන්ගේ සිටින ආරක්ෂක ප්‍රධානීන් එකී සාකච්ජාවෙන් නැගිට ගොස් ඇති අතර පහළ නිලයක නිලධාරියෙකු විසින් ඒ මොහොතේ සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කිරීමක් කර ඇති බවයි වාර්තාවේ.

මේ මොහොතේ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මුස්ලිම් අන්තවාදයට සහය දී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තවමත් ඔහු වරදකරුවෙකු නොවුණත් පසුගිය කාලය තුළ  සිදු වූ යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔහුට දේශපාලන අධිකාරියෙන්ම චෝදනා එල්ල කරමින් පවතියි.

එහෙත් එම චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න නොකිරීම තවත් විවාදාත්මක කාරණයකි. රටම ගිලගෙන සිටින අවස්ථාවාදී දේශපාලනයට එය අරුමයක්ද නොවේ. රටේ සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් තවදුරටත් එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි තැනට රට පත් වී හමාරය. එහෙයින් සිදුවන සියල්ල දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින්නට සිදුවෙයි.



One thought on “ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සාකච්ජාවට ජනාධිපති අසාද් සාලි ගෙන්වයි – ආරක්ෂක ප්‍රධානීන් විරෝධය පළකර නැගිටයයි”

  1. තමන්ට ලැබෙන්නට තිබෙන මුස්ලිම් කතෝලික චන්ද නැතිකල බව කියමින් ජනාධිපති කැබිනට් රැස්විමකදි විස්සෝප වු බව කියන ඇමති රාජිතගේ හඩ පටක් යු ටියුබයේ ඇත (Sath TV – රාජිතගේ දේශපාලන ගේමක රහසිගත හඩ පටයක්..).
    රටට ඇතිවන්නට යන මෙතරම් බියකරු අවාසනාවන්ත තත්වයක් ඇතිවද ජන්ද ගැන පමනක් හිතන ජනාධිපති කෙනෙකු මෙසේ හැසිරිම පුදුමයක් නොවේ.
    ඊටත් වඩා බයානක ඩුබායි පැනිමට සිටි වාද්දුවෙන් අල්ලා ගත් හෝටල් පිලිගැනිමේ නිලදාරියකුගේ ජංගම දු.ක තිබි ඇති රහස් බුද්දි ලියවිලි වල ජායාරුප සිද්දියයි. මේවා අවශ්ය ISIS ට ද?
    අපේම සමහර පොලිස් නිලදාරින් අපට විශ්වාස නොකල හැකි නම් මේ සිදුවන සියල්ල කුමකින් අවසන් වේද?
    ඒ අතරම පොලිස් නිලදාරියකු ගම ආරක්ෂාව සදහා පැමින සිටි සිවිල් වැසියන් හට ISIS ගැන ගොන් කතා කියමින් සිටිනු දුටුවෙමු.
    මාද්යවේදින් පුවත්පත් මගින් ඉරාකය ඇෆ්ගනිස්ථානය වැනි රටවල යුද්ද වලින් පසු දැන් පත් වි ඇති බටහිර ගැති පාලකයන් සහ ඒ රටවල නොනිමි ගැටුම් ගැන සාමාන්ය ජනයා දැනුවත් කිරිම ඉතා අත්යාවශ්ය බව පෙනේ. විද්වතුන්ද සහබාගි කර ගනිමින් ප්‍රශ්න-උත්තර ලෙස කරන ලිපියක් වඩා උචිත වනු ඇති බව අපේ හැගිමයි.

Leave a Reply to Tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More