දේශීය පුවත්

අද (21දා) සිදු වූ පිපිරීම් සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.

“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්ත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.

රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල්වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ශෝකය බෙදා ගන්නෙමු.

මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවලට හසු නොවන ලෙසත් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කරගනිමු.



One thought on “බුද්ධි අංශ අඩපන කිරීමේ වන්දිය ගෙවන්නේ අහිංසක ජනතාවයි – මහින්දගෙන් නිවේදනයක්”

  1. උඹෙයි අර ජනාධිපති බල්ලගෙයි බල කෑදර කමට අගමැති, ආරක්ෂක නියෝජ්‍ය ඇමති ගෙන්නනෙ නැතුව ආරක්ෂක රැස්වීම් කරල දැන් ඒ මිනිස්සු වැරදි කාරයා කරන්න හදන බල්ල

Leave a Reply to Thimira Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More