ඇතැම් ළදරු කිරිපිටි සඳහා කටුපොල්වල තෙල් කලවම් කරන බවට හෙළි වී තිබෙන බැවින් කුඩා දරුවන්ට කිරිපිටි ලබා නොදෙන ලෙස ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කළේය. දරුවාගේ පෝෂණය සම්බන්ධයන් සෞඛ්‍ය
අමාත්‍යංශය මගින් සෑම මවකටම පොතක් ලබාදී තිබෙන බවත්, එම පොත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් හරහා ලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මවුකිරි ලබාදීමෙන් පසු එම පොතේ සඳහන් ආකාරයට දරුවන්ට ආහාර ලබාදිය යුතු බවත්, පොදුවේ කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් හා කිරිපිටිවලට කටුපොල්වල තෙල් කලවම් කිරීම සිදුවන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (18දා) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ බව සදහන්කර සිටියේය.
කටුපොල් පිළිකා ඇති කරන බවට තහවුරු වී තිබෙන බවත්, කිරිපිටිවලට මෙම ද්‍රව්‍ය කලවම් කිරීම හරහා ඒවා දරුවන්ගේ ශරිරයට ඇතුළු වන බැවින් දෙමවුපියන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්ය.
මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට පිරිසුදු ජලය නිසි ලෙස නොලැබෙන බවත්, ජලය වෙනුවට වෙනත් පානීය ද්‍රව්‍ය ලබා නොදී ජලය පමණක් දරුවන්ට ලබාදිය යුතු බවත් හෙතෙම පැවසීය.
කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ අඛණ්ඩව ගැටලුසහගත තත්වයන් ඇතිවී තිබෙන බැවින් ජනතාව දියර කිරි භාවිත කිරීම් සුදුසු බවත්, මීට අමතරව පලතුරු, එළවළු හා දේශීය අල වර්ග සහ ධාන්‍ය වර්ග භාවිතා කිරීම තුළින් බෝනොවන රෝග ඇතිවීම
වළක්වාගත හැකි බවත් වෛද්‍යවරයා පවසා සිටියේය.
පොදුවේ සෑම කෙනෙකුටම කිරිපිටි වෙනුවට දේශීය සහලින් සකස් කරගත් කැඳ කෝප්පයක් භාවිත කළ හැකි බවද පාදෙණිය මහතා සඳහන් කළේය.
#සමස්ත_ජනතාවම_රෝගීන්_කරන_කිරිපිටි_උවදුර #GMOA_Today__Media_Press
Gepostet von sripuvath.com am Montag, 18. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කටුපොල් ගස ඡායා රූප පෙන්නන්න පුලුවන්ද? කටුපොල් ගස දෙමලෙන් නම කුමක්කද ?
කටුපොල් ගස ඡායා රූප පෙන්නන්න පුලුවන්ද? කටුපොල් ගස දෙමලෙන් නම කුමක්කද ?