කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය නිසි පරිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නිසා රටට රුපියල් බිලියන 90ක අලාභයක් සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි.
කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR) හී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ලක්දනවි නමැති දේශීය සමාගම විසින් විදුලි ඒකකයක් සදහා රුපියල් 14.97ක මිලක් ලබාදී තිබියදී රුපියල් 15.97ක මිලක් ලබාදුන් චීන සමාගම තෝරා ගැනීම මඟින් ටෙන්ඩර් ක්‍රියාදාමයේදී අනුගමනය කල යුතු විදුලිබල පණතේ සදහන් අවම මිල පිළිබඳ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන බව රංජිත් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.
යම් හෙයකින් ආණ්ඩුව මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමය අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් සූදානම් බව එම සංගමය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This is critical example for corruption of the Union & interest parties. Not implementation of the project cost more than 90 billion.
Disregard of the unit value of the power please start the project as per the collective decision of the cabinet.