දේශීය පුවත්

රජයෙන් ලබාදී තිබෙන බදු සහන නිසා චීන ටින් මාළු මෙරට වෙළෙඳපොළ ආක‍්‍රමණය කර දේශීය කර්මාන්තය වැසී යන තත්ත්වයට පත්ව ඇතැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කමල් අද්දරආරච්චි මහතා LANKA LEAD වෙත පැවසීය.

ආනයනික ටින් මාළු සඳහා ටින් මාළු කිලෝවකට රුපියල් 102 ක බද්දක් පනවා තිබුණත්, 2015 වසරේ පත්වූ නව රජය මෙම බදු මුදල රුපියල් 50 දක්වා අඩුකර ඇතැයිද ඒ මහතා කීවේය. එම සංගමය විසින් ඊයේ 21 දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් අද්දරආරච්චි මහතා මෙසේද කීය.

රටක් දියුණු වෙන්න අවශ්‍ය නම් ඒ රටේ නිෂ්පාදනයන් ඉහළ යන්න ඕනෑ. ආනයන තුළින් රටක් දියුණු වෙන්නෙ නැහැ. අපේ රටේ නිෂ්පාදන අතින් ධීවර කර්මාන්තයෙන් විශාල වර්ධනයක් දියුණුවකට යන්න පුළුවන්.

අපේ රට වගේ 10 ගුණයක් අපිට අයිති මුහුද තියෙනවා. නමුත් අපි ටින් මාළු විශාල ලෙස ආනයනය කරනවා.

රටේ දෛනික ටින්මාළු අවශ්‍යතාව ටින් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් (175,000) පමණ වනවා. දැනට රටේ ටින්මාළු නිෂ්පාදන ආයතන 05 ක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාවලින් දවසකට ලක්‍ෂයකට වැඩිය නිපදවන්න පුළුවන්.

මේ ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්නේ එක් සේවා මුරයක් කි‍්‍රයාත්මක කරලයි. වැඩිපුර නිෂ්පාදනයක් අවශ්‍ය නම් සේවාමුර ප‍්‍රමාණය වැඩිකර අවශ්‍ය නිෂ්පාදනය ලබාදෙන්න පුළුවන්.

අද වනවිට චීනය ප‍්‍රමුඛ රටවල් කිහිපයකින් ටින්මාළු ආනයනය කරනවා. මේ ටින්මාළු ටින්වල ප‍්‍රමිතිය බලනවා විතරයි. නමුත් අපේ කර්මාන්ත ශාලාවල ටින් මාළුවලට එක්කරන ජලය, මාළුවල ගුණාත්මක භාවය, සේවකයන්ගේ සෞඛ්‍ය වාර්තා සියල්ලක්ම පරීක්‍ෂා කරලයි අනුමැතිය ලබා දෙන්නේ. ඒක හොඳයි. ඒ නිසා වඩා සෞඛ්‍යාරක්‍ෂිත ලෙස අප දේශීය මත්ස්‍යයන් යොදාගෙන ටින්මාළු නිෂ්පාදනය කළත් පිටරටවලින් සීමාවකින් තොරව එන ටින් මාළු අපේ වෙළෙඳපොළ ආක‍්‍රමණය කිරීම නිසා අපේ ව්‍යාපාර කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. මේ නිසා අපි රජයට කියන්නේ එක්කෝ තිබූ බද්ද පනවන්න. නැත්නම් ටින් මාළු ගේන එක සීමා කරන්න.



4 thoughts on “ශ්‍රි ලංකාව ටින් මාළු වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ඒක කරන්න අපිට ඉඩදෙන්න – කමල් අද්දරආරච්චි (විඩියෝ)”

  1. අපේ කාලකන්නි දේශපාලුවෝ තමයි මේ රටේ ආර්ථිකය විනාශ කරන්නේ ඔබතුමා මෙය නවත්වන්න එපා ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  2. රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගොවියාට අත හිත දෙන්නේ නම් ශ්‍රිලංකාව ටින් මාලු වලින් පමනක් නොව සහලින් කිරි වලින් සහ මෙරට වැවෙන පලතුරැ වලින් ස්වයංපෝෂිත කල හැකි බව ගොවි වගා කරැවෙක් වන මගේ විශ්වාස යය්.

  3. කුඩු වලිනුත් අපේ රට ස්වයන් පෝසිත කරන්න පුලුවන්නෙ . නේද…………

Leave a Reply to Harold Leelawardena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More