දේශීය පුවත්

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම නඩුව ජනවාරි 21 දා විභාගයට ගැනීමට එම අධිකරණය ඊයේ (17) තීරණය කළේය.

මේ නඩුවේ පැමිණිලිකරු ලන්ඩන් නුවර ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සතානන්දන් නමැත්තායි.

නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස පල්ලිය ගුරුගේ සහ විනෝද් පි‍්‍රයන්ත පෙරේරා යන දෙදෙනා නම්කර ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග පවසයි.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙය ය.

මේ නඩුව පැවරූ කොටි කි‍්‍රයාකාරීන් වෙනුවෙන් ලන්ඩන් නුවර පෝලිංහරන් සහ හෙලන් මෝටම් යන නීතිවේදීන් දෙදෙනා පෙනී සිටී.

2018 ජනවාරි 4 දා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ ගැන ලන්ඩන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කි‍්‍රයා කළේ නැති බව, පැමිණිලිකරු වන සත්‍යානන්දන් සිය පැමිණිල්ලේ දක්වා ඇත.

බි‍්‍රතාන්‍ය මහජන ආරක්‍ෂක පනතේ 4 වැනි වගන්තිය යටතේ මේ නඩුව ගොනු කරන බවද පැමිණිලිකරුගේ නීතිවේදියා සඳහන් කර ඇත.

එසේම බි‍්‍රගේඩියර්වරයාට එරෙහි චෝදනා ඇතුළත් සිතාසිි ඔහු වෙත යවා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැති බවත් පවසන පැමිණිලිකරු ඔහු නැතිව හෝ නඩුව විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

Divaina



One thought on “බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි”

  1. වරාය නගරයත් වෙස්ට්මිනිස්ටර් අධිකරණ යට යටත් කිරීමේ සූදානමක්…

Leave a Reply to Nalaka Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More