දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මැයි මස 13වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින ලබා දුන්නේය.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් වීරසේකර මහතා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසිනි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය මේවනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.



One thought on “පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි”

Leave a Reply to Nalaka Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More