එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට එය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පත්කළ බවත් ඔහු නිවේදනය කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය.
ඔහු පවසන්නේ යම් පක්ෂයක සාමාජිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීධුරය අහිමිවන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන බව කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කර තිබේ.
මේ අතර එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පත් කරන බව කථානායකවරයා දැනුම්දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කතානයක, සුමන්තිරන් ජඩියට මූඩිය….දැන් කතානයක ස්වාධීන ද?