විජාතිකයන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පැවති ශ්‍රී ලංකාව නැවත වටයකින් එක්සේසත්කොට සියලුම ජනතාවට සහජීවනයෙන් ජීවත් වීමට සදහා අවස්තාව උදා කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඓතිහාසික තීන්දුව පිළිබද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ඇගයීමට ලක් කරන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
අද (16) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ රුසියානු සභාපති අාචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෛත්‍රී – මහින්ද එකතුව රට රැකීමට අවශ්‍ය බවත් එම සමගිය රැකීම සදහා ජාතිභේදයක්න්, පක්ෂ භේදයකින් තොරව එකාවන්ව පෙළ ගැසිය යුතු බවය.
අද පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්වය හමුවේ අන්තවාදයට කප්පම් නොදෙන මධ්‍යස්ථ මත ධාරීන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට අතිගරුජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මසේන මහතා පවසා සිටියේ 2015 වසරේ දී ජිනීවා යෝජනාවට සහය පළ කිරීමට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ඇමරිකානු රජයට එකඟ වූ බවත් . ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදීම සඳහා මංගල සමරවිර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අවසර ගෙන නොතිබූ බවද අනාවරණය කළේය.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරන විද්වත් මණ්ඩලයක් විධිමත්ව පත් කරන ලෙසද අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බව පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක අජන්ත ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැලිලන්තුඩාව මහතාද සහභාගීවී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
බොහොම වටිනා කතාවක්.