Uncategorized

කථානායකවරයාගේ ක්‍රියා කලාපය මෙරට ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන ඇමෙරිකාවට උඩගෙඩි දීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසවයි. අද(30) මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සමරවීර මහතා මේ බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ තවත් නිලධාරියකු ඊයේ(29) සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමු වී ඇත. එහිදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තම බලතල ප්‍රකාරව කල් තබා ඇති පාර්ලිමේන්තුව වහා කැඳවීමට කටයුතු කරන ලෙස ය.

මෙරට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියාගෙන් ඇමෙරිකන් රජයේ තානාපති නිලධාරීන් කළ එම ඉල්ලීම දැඩි සේ හෙළා දකින්නෙමු. එසේම කථානායකවරයා ද මෙසේ විදේශ රටවල තානාපති නිලධාරින්ට හිස නමමින් ඔවුන් හා මෙවැනි තම ධුරයට නොගැලපෙන හමුවීම් සඳහා සහභාගී වීම ද අපගේ බලවත් දෝෂදර්ශනයට ලක් වේ.

එසේම මෙවැනි බලපෑම්වලට යට වෙමින්, තමන් සතු නොවන බලයක් යොදා ගනිමින් වාරාවසාන කරන ලද පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනි දිනට ප්‍රථමව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දීමට කැමැත්තෙමු. අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කලාපයට එරෙහි වීමට පෙරට එන ලෙස ලක්වාසී සුජාත දූ පුතුන්ට ඇරයුම් කරන්නෙමු.

ජයන්ත සමරවීර (පා.ම)
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ



One thought on “කථානායකවරයාගේ ක්‍රියා කලාපය මෙරට ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට බලපෑම් කරන ඇමෙරිකාවට උඩගෙඩි දීමක්”

Leave a Reply to Prem Perera Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More