දේශීය පුවත්

තමන්ගේ තෙදින ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම සඳහා අගමැතිවරයා මෙම පියවර ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොටුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත් වූ අතර ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ එම හමුව පැය භාගයකට ආසන්න කාලයක් තිබි ඇත.
ඉන්දීය නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති රාජ්නාත් සිං මහතා සමග හුවමාරු වූ අදහස්ද රනිල් වික්‍රමසිංහ මහතා සවිස්තරව මෙහිදී ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත.

ඊට අමතරව රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෝ හමුවී කළ සාකච්ඡාවේ කරුණු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ හමුවේදී සවිස්තරාත්මකව දැනුම් දුන් බවත්, ආරංචි මාර්ග අනාවරණය කර ඇත.



One thought on “ජනපති – අගමැති හදිසි හමුවක්”

  1. Don’t worry you won the international communities. Modi’s opinions (Threatening) are not valid because you have world super power’s support. bloody rascals you destroy entire country and widening the international related dispute up to irreversible level.

Leave a Reply to Bathkanaeka Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More