දේශීය පුවත්

බැසිල් ජනපති තරගයට වැඩ!

October 20, 2018 3:38 am | Lanka Lead News

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරඟයට බැසිල් රාජපක්ෂ අවතීර්ණ වී ඇති බවත් ඒ සඳහා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මොඩලයේ විද්වතුන් එක්රැස්කර සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විද්වත් සංවිධානයක් ආරම්භ කර එහි ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝබර් 14 වැනිදා ටාජ් සමුද්‍ර හෝටලයේදී පවත්වා ඇත.

හිටපු ආරක්ගෝෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එළිය හා වියත්මග සම්මන්ත්‍රණ මෙන් පොදුජන ඉංජිනේරු පෙරමුණේ සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේ දී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමටද කටයුතු කරමින් ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා කොළ බාරදෙයි

ඇමරිකාවේ‍ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ලියකියැවිලි ඇමෙරිකානු රජයට දැනටමත් භාරදී ඇත.

නමුත් ඔහුගේ භාර්යාව වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය තවදුරටත් ඇමෙරිකානු පුරවැසිභාවය පවත්වාගෙන යාමට තීරණය කොට ඇති බව ද වාර්තාවේ.

ඒ අනුව ඉදිරි සති කිහිපයට පසුව 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා ඇති සීමාකම් බැසිල් රාජපක්ෂ මහතාට අදාල නොවුණු ඇත.



4 thoughts on “බැසිල් ජනපති තරගයට වැඩ!”

  1. බැසිල් කියන්නේ අවස්තාවාදියෙක් බලයට එන්න උත්සහ කරන. මුස්ලිම් අයට ලොකු අසාධාරනයක් වෙලා තියෙනවා කියා ඒ මිනිස්සුත් ලංකරගන්න හදනවා සිංහල ජාතිය සමග කුලල්කාගන්න ආයෙත් මූ පාහරයෙක්.

  2. ගොඨා හැර වෙනත් විකල්ප, රාජපක්ශ පරම්පරාවෙන් අවශ්‍ය නැත.

    ගෝඨා රාජපක්ශ පරපුරේ අවසන් ජනපති විය යුතුයි!!

Leave a Reply to Pubudu Kumara Amaranayake Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More