ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
“වඩා යහපත් අනාගතයක් උදෙසා ඉන්ජිනේරුවරුන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ ඊයේ දිනෙන් ඇරඹි ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණු සමාරම්භක උත්සවයේදී ඉන්ජිනේරුවන්ගේ කාර්යයභාරය පිළිබඳ විද්වත් කතිකාවතක්ද පවත්වන ලද අතර මෙහි දී ප්‍රධාන දේශනය මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් සිදුකරන ලදි.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පක්ෂයේ අනු සංවිධානයක් ලෙස මෙම පොදු ජන ඉන්ජිනේරු පෙරමුණ පිහිටුවා ගන්නා ලදි.
මෙම අවස්තාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට ඉන්ජිනේරුවන්ගේ කාර්යයභාරය පිළිබඳ විශේෂ ඇගයීමක් ද සිදුකළ අතර වෘත්තිකයින් වශයෙන් නව පක්ෂය තුල බිහිවන පළමු පෙරමුණ වශයෙන් ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ හැදින්විය හැකි බව ප්‍රකාශ කළේය.
මෙහි දී හිටපු ජනපතිවරයා කියා සිටියේ රටේ සංවර්ධනය සදහා විවිධ අංශයන්හි ප්‍රතිපත්ති සකස් කර ගැනීමේ දී අපට මුලින්ම අවශ්‍ය වන්නේ කුමක්ද? යන්නත් ඉන් අඩු මුදල් වියදම් කරමින් වැඩිම ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් තීරන ගැනීමේ දී ඉන්ජින්රු වෘත්තිය ප්‍රයෝජනයට ගත යුතුව බවය.
එමෙන්ම මෙම ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ මෙසේ එකමුතුවී පක්ෂය ශක්තිමත් කරනවා සේම සිය වෘත්තිය ද ශක්තිමත් කරමින් අනාගතයේ දී මේ රට සංවර්ධනය කරා ලගා කරවීමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු කාලය ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණට දැන් එළඹී ඇති බව ඒ මහතා පවසා සිටියේය.
මෙහි දී තවදුරටත් අදහස් පල කළ හිටපු ජනපතිවරයා කියා සිටියේ රටේ වත්මන් තත්ත්වය සම්බන්දයෙන් තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් රටේ ආණ්ඩුවක් තියෙනවාද නැති ද යන්න සම්බන්දයෙන් අපටම ගැටළුවක් ඇති වී ඇති බවයි.
කිසිදු සංවර්ධන සැළැස්මක් නොමැතිව කටයුතු කරමින් පාළකයින් කුළල් කාගන්නා බව ප්‍රකාශ කල ඒ මහතා කියා සිටියේ මෙම කුළල් කා ගැනීම තුල එහි ඵල විපාක විදින්න සිදුව ඇත්තේ රටේ මහජනතාව වෙත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඔබතුමාව ගේදර යවපු හැටදේළකෂයක් අපේ බත් කන මීහරක්ට මේහේම වේලා මදි……