ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා උතුරේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක හමුවේදී සාකච්ඡා කර ඔහුට එරෙහිව පියවරක් ගනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව ප්‍රසිද්ධියේ මතවාද ඉදිරිපත් නොකිරීමේ එකඟතාවක් අපි අතර තිබුණා. නමුත් ඇතැම් අවස්ථාවල මතවාද ඉදිරිපත් කිරීම ස්වභාවිකයි. ඒ නිසා පක්ෂය තුළ අර්බුදයක් මතු වෙන්නේ නෑ. අපි මොනවා කීවත් අපේක්ෂකයා කවුද කියල නම් කරන්නෙ මහින්ද රාජපක්ෂ මහතායි. අපි යම් යම් මතවාද පල කිරීම ගැන ජනතාව දෙපැත්ත බෙදිලා තීරණ ගන්නෙ නෑ. මහින්ද මහත්තයා නියම පුද්ගලයා පත් කළාම ජනතාව ඒ වටා ඒකාරාශි වේවි.
මාධ්‍යවේදීන් – උතුරේදී වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා දෙමළ ජනතාවට විරුද්ධ වන කිසිම අපේක්ෂකයෙක් ඒකාබද්ධයෙන් ඉදිරිපත් කරන්න ඔහු ඉන්නතුරු ඉඩ දෙන්නේ නෑ කියලා. මේ කතාවෙන් කියන්නේ දෙමළ ජනතාවට විරුද්ධ අයත් ඒකාබද්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලනවා කියලද?
බන්දුල ගුණවර්ධන මහතා
වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වැරදි බව පෙනෙනවා. ඒ ගැන පක්ෂ නායකයෝ එකතු වුණාම තීන්දුවක් ගනීවි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Mahinda Senanayaka Basilwa ratama handunagena thiyenne Rajapaksha paule dusithama pudgalaya lasai. Gota nathiwa kawru awath janadipathiwaranaya paradai. Bim mattame mama wani chandadayakayo dakina thiththa aththa eyai. MR meya therum nogaththoth sorry thamai.
gota aawoth shuwar ekatama paraadayi.wena kawuru aawath dinum