ඉදිරි දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය මිනිසාට අභියෝග රැසක් එල්ල කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙරඅතුව ඊයේ (20) මාතලේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.
ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බවත්, ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
බුදු දහම දන්නෙත් නැති , කෘතීම බුද්ධිය ගැන දන්නෙත් නැති මෙහෙමත් මෝඩයෙක්. බුදුදහමේ පන්සිල්වල දෙවෙනි සිල්පදය තමයී අදත්තාදානයෙන් හෙවත් සොරකමෙන් වැළකීම . මහබැංකු බැඳුම්කර වංචාව ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු කළ ලොකුම හොරකමක් . ඒ හොරකම කරපු පුද්ගලයා බුදුදහම ආරක්ෂා කරන්න කතාකරනවා.