පසුගියදා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මහවැලිය සහ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තු විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ රක්ෂිත වනාන්තර ඉඩම් අක්කර 29,000ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කොට දෙමළ ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී ඇති බවත්, ඊයේ දිනයේ (18) දෙමළ සන්ධානයේ ජාතිවාදී දේශපාලනික අරමුණු ඉටුකිරීම උදෙසා වත්මන් ජනාධිපතිවරයා (පොලිස් බලතල පමණක් රහිතව) 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බලතල ලබා දීමට සුදානම් වෙමින් සිටින බවත් පවසමින් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මාධ්‍ය නිවේදනයක් යොමුකර තිබේ.
මෙවන් තත්වයක් යටතේ, ඊට සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් වසර ගණනාවක් පුරාවට මඩකලපු දිස්ත්‍රික්කයේ මෙම ප්‍රදේශවල පාරම්පරිකව වගා කටයුතු සිදුකල සිංහල ගොවිජනතාව එළවා දමා ජාතිවාදී පටු අරමුණු මුල් කරගනිමින්, දෙස්/ විදෙස් ආයෝජනයැයි පවසමින් අක්කර දහස් ගණනින් උතුරු නැගෙනහිර මහවැලි ඉඩම් වලින් සිංහල ගොවීන් පමණක් ඉවත් කිරීම හරහා රටේ ඒකීයභාවය අභියෝගයට ලක්කිරීම තරයේ හෙළාදකින බවත් ඇය සඳහන් කරයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නැගෙනහිර පළාත ඉතිහාසයේ කිසිම දිනක දෙමළ පාලකයෙක් යටතේ නොතිබුන බව රනිල්ගේ මාමා JR ජයවර්ධනත් පැවසුවා ඒ ඔහු ලංකාවේ ඉතිහාසය හදාරා ඇති නිසා . දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ සපුරා ඔවුන්ගේ චන්දය ගැණීමට රනිල් දේශද්‍රෝහියා ඕනෑම දෙයක් කරාවි . ලක්ෂ 69ක් චන්දය දුන්නේ දෙමල ජාතිවාදය පිටුදකින්න මිසක් ඔවුන්ගේ ගොදුරක් වෙන්න නෙවෙයි. පොහොට්ටුව රනිල්ව ජනාධිපති කරලා සිංහලයාට වල කැපීම තරයේ හෙලා දැකිය යුතුයි . මේ සියල්ලම පිටුපස බැසිල් රාජපක්ෂ ජාති ද්‍රෝහියා සිටිනවා.