දේශීය පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට නොතීසි නිකුත් කර තිබේ.

වඳවීමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ නම සඳහන්ව ඇති කෲඩියා සෙලනිකා නමැති පඬු කරඳ ගසක් නීතිවිරෝධීව කපා ඉවත්කර ඇතැයි කියමින් ගම්පහ අඩවි වන කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මඟින් ඉකුත් දිනයේදී කරුණු දක්වා තිබිණි.

එම සිද්ධියට අදාළව නීතිඥ ලක්දිනු වීරසේකර මහතා මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

එම පඬු කරඳ ගස මහ රෑ හොර රහසේ කපා වළ දමා ඇති බවත් කැබිනට් ඇමැතිවරයකු එම ගස කපා ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කළ බවට ප්‍රකාශ කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මේ නීතිවිරෝධී අපරාධය කර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන්ට හැකියාව ඇති බැවින් ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළාය.



One thought on “පඬුකරඳ ගස කැපීමේ සිද්ධියට ගම්පහ අඩවි වන නිලධාරිවරයා අධිකරණයට කැඳවයි”

  1. හයිවේ එකේ කොන්ත්‍රාත් එක කරන ඇමතිවරයා මෙය කලත් අන්තීමට වැරදිකරු වෙන්නේ වනජීවී නිලධාරියා .මෙහෙමත් රටක්.

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More