දේශීය පුවත්

පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින් හා මහවිරුවන් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත.

පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ කාර්යාලය විවෘත කළ බව පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින් පැවසූහ.

මෙම කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී පැවති විශේෂත්වය වූවේ සුභසාධන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එල් ටි ටි ඊ සංවිධානයේ න්‍යායාචාර්ය මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නායකයෙකු ලෙසින් කටයුතු කල ඇන්ටන් බාලසිංහම්,එම සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් සහ එම සංවිධානයේම නායකයෙකුව සිට මාරාන්තික සත්‍යග්‍රහයකදී මියගිය පළමු සාමාජිකයා ලෙස සැළකෙන තිලීපන් ඇතුළු පිරිසගේ ජායාරූප වෙත මල්මාලා පැළදවීමද සිදුකෙරිණ.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.කිෂෝර් මහතා,පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ –



One thought on “පුනුරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහවිරු කාර්යාලයක් විවෘත කරයි”

Leave a Reply to Nagaragan Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More