දේශීය පුවත්

ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත් පිළිවෙත රුසියානු රජය ඉහළින් අගය කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු වෙත සිදුකරන බලපෑම වහා නතර කළ යුතු බවය.

මෙරට රුසියානු තානාපති කාර්යාල විසින් සංවිධාන කරනු ලැබු ජාත්‍යන්තර සංස්කෘතිකාංග හා ආහාර ප්‍රදර්ශනයක් ඊයේ (23) කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම ප්‍රදර්ශනය සඳහා රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, මැලේසියාව සහ මාලදිවයින යන රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් එක්වී තිබුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා,

“අපි ඉතා අගයනවා ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත්භාවයට. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් වැනි චෝදනා එල්ලවූ අවස්ථාවේදී අපි ඔබ සමග එක්වී සිටියා. ඇතැම් බටහිර රටවල් විසින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා සිදුකරනු ලැබූ මැදිහත්වීමද අපි දැඩි ලෙස හෙළා දුටුවා. ශ්‍රී ලංකාව වැනි නිදහස් රාජ්‍යයන් ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත්වීම එවැන්නක්. මගේ පණිවිඩය වන්නේ වෙනත් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත් වෙන්න එපා. ඔබ රටවල ඇතිවී ඇති ගැටලු සඳහා අවධානය යොමුකරන්න. නැවතත් මම ප්‍රකාශ කරන්න කැමති එවැන්නක් කිසිවිටක අනුමත කරන්න බැහැ.”

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා.එල්.පෝපෝවා මහත්මිය,

“අප දෙරට අතර ඇත්තේ දිගු ඉතිහාසයක් ඇති මිත්‍රත්වයක් ඒ නිසා සෑම අවස්ථාවකදී අපි එකිනෙකාට උපකාර කරනවා. එය ඕනෑම අවස්ථාවකදී හා ඕනෑම අර්බුදයකදී පොදු දෙයක්”



One thought on “බටහිර රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීම නතර කළ යුතුයි – රුසියානු තානාපතිගෙන් දැඩි ප්‍රකාශයක්”

Leave a Reply to H Attanayake Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More