දේශීය පුවත්

තමන් විසින් දේව මෙහෙයකදී කියා සිටියේ සත්‍ය දේව වචනය මිස කිසි විටෙක වෛරී සහගත ප්‍රකාශයක් නොවන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු සඳහන් කරයි.

එම සත්‍යය පැවසීම තුළින් බෞද්ධ හා අනෙකුත් ආගමිකයන්ගේ සිත් රිදවීමක් සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් පමණක් තමන් සමාව ඉල්ලා සිටින බවත් තමන් පැවසූ සත්‍ය වචනය සම්බන්ධයෙන් තමන් සමාව ගැනීමක් නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ නුගේගොඩ මිරිහානේදී පැවැති දේව මෙහෙයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

තමන් නැවතත් ලංකාවට පැමිණෙන බවත් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට නීතිඥවරුන් කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසයි.

“මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි”

දැනට සිංගප්පූරුවට ගොස් සිටින ජෙරම් ප්‍රනාන්දු අද දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසුවද ඔහු ඊයේ දින නොපැමිණ අන්තර්ජාලය ඔස්සේ දේව මෙහෙයකට සම්බන්ධ විය.



One thought on “කටුනායකින් රටට නොපැමිණ Zoom හරහා පැමිණ ජෙරම් තවත් ආන්දෝලනාත්මක කතාවක් කියයි”

  1. ඕනෑම කෙනෙකුට තමා විස්වාස කරන සත්‍යය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබේ. ඒ සමගම ඒ නිසා අන් අයගේ සිත් රිදුමකට සමාව ගැනීම ඉතා හොඳයි. ඒ නිසා මෙහි කිසිම ආන්දෝල නාත්මක දෙයක් නැත

Leave a Reply to Priyantha Wijayatunga Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More