බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසන්නේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුදහම සහ බුදුන් වහන්සේ පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.
කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
පසුගිය සති අන්තයේ, ජෙරොම් දේවගැතිවරයා විසින් බුදුරජාණන් වහන්සේට සහ බුද්ධාගමට එරෙහිව දේශනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසැරූ අතර, එය බහුතර බෞද්ධයන් අතර කැළඹීමක් ඇති කර තිබිණි.
සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පුද්ගලයන් රැසක් විසින්ම, දේවගැතිවරයා රට තුළ ආගමික අසමගිය ඇති කිරීමට උත්සාහ කරන බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන විදුර වික්‍රමනායක ඇමැතිවරයා සඳහන් කරන්නේ, ජෙරොම් දේවගැතිවරයා ඇතුළුව එවැනි ප්‍රකෝපකාරී අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් ඇතුළුව නීති විරෝධී ආගමික සිද්ධස්ථාන ගණනාවක් රට තුළ ඇති බවයි.
ජෙරොම්ට දෙවගතිවරයාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් තම තීරණය කඩිනමින් ප්‍රකාශ කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙවැනි ප්‍රකෝපකාරී ප්‍රකාශවලට වහාම නීත්‍යානුකුල පියවර ගතයුතුයි .ඇමතිවරයාගේ කථාවෙන් විතරක් වැඩක් නැහැ .