දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් එළි දැක්වුනු “නවය :සැඟවුණු කතාව” කෘතිය එළි දැක්වීමෙන් පසු එයට ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දැක්වූයේ අමෙරිකානු තානාපතිනි ජූලියා චූන්ග් මැතිණියයි. ඇය සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා සිටියේ “නවය:සැඟවුණු කතාව” ලෙස පළකර ඇති මෙම කෘතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කර අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් කළකිරීමට පත්වන බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට සක්‍රිය දායකත්වයක් සැපයූ දැක්වූ සියලු දෙනාම පාහේ විමල් වීරවංශ මහතා තම ග්‍රන්ථයෙන් හෙළි කරන කරුණු සම්බන්ධයෙන් බරපතළ ලෙස කලබලයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ අතර අරගලය සමයේ ප්‍රචන්ඩව හැසිරුණු අය අතර දානිස් අලි නැමැත්තා මාධ්‍යය සාකච්ඡාවක් තබමින් විමල් වීරවංශ මහතා එළි දැක්වූ ග්‍රන්ථය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන ලංකා ලීඩ් වෙබ් අඩවිය ජේෂ්ඨ මනෝවිද්‍යාඥයෙකුගෙන් මතය විමසා සිටියේය.

මේ ඔහු ඉදිරිපත් කළ මතය ඔහුගේම වචනයෙන්,

“පසුගිය වර්ෂයේ අප්‍රේල් 9 වෙනිදායින් ආරම්භවී ජූලි 9 වෙනිදායින් අවසන් වූ අරගලය නමින් හැඳින්වූ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය තුළ යුක්‍රේනයේ ලිබියාවේ සහ පකිස්ථානයේ අත්හදා බැලූ ආණ්ඩු බිඳ වැට්ටවීමේ ක්‍රියාවලිය තුල තිබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගත්තා. උදාහරණයක් විදියට යුක්‍රේනයේ මයිදාන් කුමන්ත්‍රණකරුවන් පාවිච්චි කළ සංකේතම ගොල් ෆේස් පිටියේ අරගලකරුවන්ද භාවිතා කළා. එම සංකේත පවා ලිබියාව යුක්‍රේනය බිඳ වැට්ටවීමට කටයුතු කළ අය විසින්ම සාදා දුන් ඒවා මිස ගෝල්ෆේස් අරගලකරුවන්ගේම නිර්මාණ නොවෙයි.

දානිස් අලි නැමැත්තා ගෝල් ෆේස් අරගලය තුළ විශේෂ භූමිකාවක් රඟ දැක්වූ අයෙක්. මගේ මතකයේ හැටියට ඔහු බණ්ඩාරනායක ප්‍රතිමාවේ ගෙල ප්‍රදේශයේ ලනුවකින් එල්ලීම වැනි ක්‍රියාවලට පෞද්ගලිකව මැදිහත් වූ අයෙක්. ඔහු ගෝල්ෆේස් අරගලය ප්‍රචන්ඩත්වය දෙසට යොමු කරවීමට දැන හෝ නොදැනුවත්ව භාවිතා වූ අයෙක්. විමල් වීරවංශ පවසන අරගලයේ මහ මොළ කරුවන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් සමඟ දානිස් අලිට සෘජු සම්බන්ධකම් නොතිබුනා වෙන්න පුළුවන්. නමුත් ඔහු එම මහ මොළකරුවන්ගේ උවමනාව වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් සැපයූ අයෙක්.

පැරණි සිංහල කියමනක් තියෙන්නේ “රෙද්ද පෙන්නුවහම මහල ඇඳගන්නවා වගේ” කියලා. ඔහුත් අන්න ඒ වගේ කෙනෙක්. මේ වැනි ස්වයං මෝහනයට පත්වූවන් විසින් මෙවැනි ප්‍රචන්ඩ අරගල තුළදී අනෙක් අයගේ උනන්දුව ඉහළ තබා ගැනීමට අත්‍යවශ්‍ය පුද්ගලයෝ. ගාලුමුවදොර අරගලයේ ආරම්භක සාමාජිකයෙක් වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් පුද්ගලයාත් මෙලෙස ස්වයං මෝහනයකට පත් කළ අයෙක්. අවසානයේදී ඔහු සියදිවි නසාගත්තා. දානිස් අලිගේ නොහික්මුණු හැසිරීම් වල කූටප්‍රාප්තිය රූපවාහිනී සංස්ථාවට කඩා වැදීමෙන් සනිටුහන් වූවා. අරගලයේ මෙහෙයුම්කරුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් කිරීමෙන් අවසන් කළ ක්‍රියාන්විතයෙන් පසුව තවදුරටත් ඔවුන්ට අවනත නොවන පුද්ගලයන් රනිල් ලව්වා පාලනය කිරීමට පටන් ගත්තා. ඒ වෙලාවේ දානිස් අලි රටින් පැන යාමට උත්සහා කළා. පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු තවමත් ඉන්නේ ඇප පිට.

මගේ පෞද්ගලික අදහස නම් රාජ්‍ය ආයතනයකට බලහත්කාරයෙන් කඩා පැන මහජන මනස භීතියට පත් වන ලෙස සජීවි වැඩසටහනකදී මත දැක්වීම බරපතළයි. එසේ කර තිබියදීත් ඔහු නිදහසේ හැසිරෙන්නේ එක්තරා විදියකට අරගලයේ මහ මොළකරුවන් ඔහුගෙන් තව දුරටත් ප්‍රයෝජනයට ගන්නා නිසා විය හැකියි. ඔහු විමල් වීරවංශ මහතාගේ පොතේ අඩංගු කරනු අභියෝගයට ලක්කරනවාට වඩා විමල් වීරවංශ මහතාට අනියමින් තර්ජනය කරන බවකුයි මාහට පෙනී යන්නේ. මගේ මත දැක්වීමේ නිවැරදිභාවය තීරණය වන්නේ අරගලය මෙහෙයුවන්ගේ උවමනාවන් ඉටු නොවන අවස්ථාවක හෝ තවත් විනාශකාරී ක්‍රියාවලියක් හරහා ඉන්දු අමෙරිකානු උපාය මාර්ගයේ සංධිස්ථානයක් පසු කර ගැනීමට අවශ්‍ය මොහොතක ඔහුව මෙහෙයවෙන ආකාරය අධ්‍යයනය කිරීමෙනුයි. දැනට අරගලයට ආශීර්වාද කළ වැඩි දෙනෙකුට දැනෙන්නේ දානිස් අලි යනු නොහික්මුනු පුද්ගලයෙක් පමණක් බවයි.”



One thought on “දානිස් අලි විමල් වීරවංශට තර්ජනය කරනවා විනා විමල් ඉදිරිපත් කරන කරුණු අභියෝගයට ලක් කරන්නේ නැහැ- ජේෂ්ඨ මනෝවිද්‍යාඥයෙකු කියයි”

  1. විමල් රාජපක්ෂලා නැවත රජකරවන්න හදනවා කියන එක අමුම අමු මෝඩ විහිළුවක්. රාජපක්ෂලා ගෙන ආව වගේම ඔවුන් වැරදි මගක යනකොට එළියට බැහැපු විමල් , රනිල්ව රජකරලා කුජීත වුණු රාජපක්ෂලා නැවත රජකරන්න යයිද ? ඒවගේම 360 වැඩසටහනේ විමල් කියන පරිදි අයිමත් රාජපක්ෂලා රජකරවන්න කිසිම කෙනෙකුට බැහැ.

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More