දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා “අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසයි.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ජූනි 6) අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමිනින් විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් තබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට ද ඇතැයි හේරත් මහතා අවධාරණය කළේය.

“ප්‍රසන්න රනතුංග ඉල්ලා අස්වෙන්න ඕනේ. ඔහු මහාධිකරණයකින් දඬුවම් ලැබූ පුද්ගලයෙක්. මෙය නිකම්ම නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක් . පොඩි ගණනකුත් නෙමෙයි රුපියල් මිලියන 64ක ලොකු කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, විතරක් නොවෙයි නීතිය ක්‍රියාත්මක කිරීම භාර කැබිනට් අමාත්‍යවරයෙක්. එනිසා ඔහු අනිවාර්යෙන් ම ඉල්ලා අස් විය යුතුයි. ජනාධිපතිවරයාට ත් වගකීමක් තියෙනවා, එවැනි අයව තවදුරට ත් කැබිනට් මණ්ඩලයේ තියාගන්නේ නැතුව ඉන්න.බරපතළ වැඩ සහිතව අත්හිටවූ සිර දඬුවමක් ලැබුණු එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත් ම සුදුසු නැහැ.”



One thought on “ප්‍රසන්න රණතුංග ඉල්ලා අස්විය යුතුයි- ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්”

  1. ඇත්තෙන්ම ඔවු. ඒවගේම මේවගේ විශාල මුදලක් (ලක්ෂ 640ක් ) කප්පම් ගත්තු මිනිහෙකුට අත්හිටවූ සිර දඬුවමක් පමණයි දීල තිබෙන්නේ . පාණදුරේ මහානාම විදුහලේ හිටපු විදුහල්පතිණියට රුපියල් 25,000.00ක අල්ලසක් ගත්තාට 2017දී , අවුරුදු 8ක සිරදඬුවමක් දීල තිබුණා . මේ එකම රටේ නීතිය ක්‍රියාත්මක වන විධිය සොයා බලා සැමට එක නීතිය ක්‍රියාත්මක වීමට පියවර ගතයුතුයි . ප්‍රසන්න රණතුංග වැනි අයට මහජන නියෝජිතයින් ලෙස තවදුරටත් පෙනී සිටීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත .

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More