දේශීය පුවත්

21 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාගැනීම සඳහා ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළ අතර, අතිගරු ජනාධිපතිතුමාද පවසා සිටියේ ඊට තමාද එකඟ වන බව සහ එයට සහාය ලබාදෙන ලෙසය. මේ අවස්ථා‍වේදී නැගී සිටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමා ඊට දැඩි විරෝධය පාමින් මෙසේ කියා සිටියේය.

“තමා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ එකම මන්ත්‍රීවරයා බැවින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා 19 නැවත ගෙන එන්නේ නම් කවුරු කෙසේ කීවත් ඊටද තමා විරුද්ධ වන බවය”. ඉන්පසු ඔහු කියා සිටියේ අද රටේ පවතින්නේ ආර්ථික අර්බුධයක් බවත් ඊට අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් බවත්ය. නමුත් ජනාධිපතිතුමා මෙය දේශපාලන අර්බුදයක් බවට සළකා හිටපු අගමැති සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර දැන් නව අගමැතිවරයෙක් සහ නව කැබිනෙට්ටුවක් පත් කර ඇත. එසේ කලේ මේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට බැවින් අපි ඊට කිසිදු විරුද්ධත්වයක් නොපා ඊට සහාය දීමට එකඟ වුනෙමු. නමුත් මේ අවස්ථාවෙදී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිදු හේතුවක් නොමැත. මන්ද එයින් ආර්ථික ප්‍රශ්ණයට කිසිම පිළිතුරක් නොලැබෙන බැවිනි”.

“සෞභාග්‍යයේ දැක්ම පරිදි ජනාධිපතිතුමාට බලය තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මිස ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට නොවේ” යනුවෙන් පැවසූ සරත් වීරසේකර මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඒ සඳහා ජනාධිපති ව්‍යවස්ථාව පිළිබඳව හසල අවබෝධයක් ඇති මනෝහර සිල්වා, රොමේෂ් සිල්වා ඇතුළු මණ්ඩලයක් පත්කොට ඒ වාර්තාවන් දැන් ඉදිරිපත් කොට තිබෙන බවයි. තවද සරත් වීරසේකර මන්ත්‍රීවරයා අසා සිටියේ “21 වන සංශෝධනයෙන් කියා සිටින්නේ ජනාධිපති කටයුතු කළයුත්තේ අගමැතිගේ උපදෙස් පරිදි බවත්, ජනාධිපති යනු මුළු රටේම ඡන්දයෙන් පත් කර ගන්නා පුද්ගලයා නිසාත් අගමැති යනු එක දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රීවරයෙකු පමනක් නිසාත් ජනාධිපතිතුමා සතු ජනතා පරමාධිපත්‍ය බලය මන්ත්‍රීවරයෙකුට ලබාදෙන්නේ කෙසේද ? යන්නයි. එසේ ලබාදෙන්නේ නම් එය ජනමත විචාරණයකින් ජනතාවගෙන් ඇසිය යුතු නොවේද ? යන්නයි. තවද ජනාධිපති ජාතිය අමතා ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරන බවයි.

නමුත් පළාත් සභා තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් එයින් රට ෆෙඩරල් වන බව සියල්ලෝම දන්නා කරුණකි. මන්ද ජනාධිපති පත් කරන ආණ්ඩුකාරවරයාගේ බලය අහෝසි වන අතර, ඉන්පසු ප්‍රධාන ඇමතිවරුන්ට කැමති ලෙස නීති පැනවීමට හැකි ස්වාධින පළාත් සභා 09 ක් ඇති වන බැවිනි. එබැවින් ඒකීය රට ෆෙඩරල් රටක් බවට පත්කරන කිසිම ක්‍රියාවලියකට තමන් සහයෝගය නොදෙන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට ප්‍රථම පළාත් සභා අහෝසි කළ යුතු බවත්” ඔහු පැවසීය. “තවද 21 වන සංශෝධනයෙන් ජනාධිපතිතුමා සතු විශේෂ තනතුරු සහ කොමිෂන් වලට නිලධාරින් පත්කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට දී ඇත. නමුත් ව්‍යවස්ථා දායක සභාවේ සිටින 09 දෙනා ගෙන් ඡන්ද 07 ක බහුතරයක් ඇත්තේ අගමැති සහ විපක්ෂ නායකයාගේ අතේය. මන්ද ඔවුන් දෙදෙනා ව්‍යවස්ථා සභාවට 05 දෙනෙක් පත් කරන බැවිනි. එසේනම් ජනාධිපතිතුමාගේ එම අදාල බලය දැන් ලබාදෙන්නේ දිස්ත්‍රික් 02 ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන අගමැතිට සහ විපක්ෂ නායකටයි. එය කොතරම් සාධාරණද ? මෙය ඉතාම සංකීර්ණ කරුණක් නිසා මේ සියල්ල සම්පූර්ණ කර ගත හැක්කේ නව ව්‍යවස්ථාවක් තුලින් පමණි. එබැවින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කටයුතු දැන්ම නොකරන ලෙසත් තමන් එයට දැඩි විරෝධය පාන බවත්” ඔහු කියා සිටියේය.

අවසාන වශයෙන් ඔහු කියා සිටියේ අද පවතින්නේ Care taker රජයක් සහ Cocktail කැබිනෙට් එකක් බවය. එවන් රජයකට ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට කිසිදු බලයක් නොමැති බවය. ජනපති කල යුත්තේ අවශ්‍ය නම් එන ව‍සරේ පෙබරවාරි මස රජය විසුරුවා මහ මැතිවරණයකින් වෙනත් රජයක් පත් වූ පසු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි.



One thought on “සරත් වීරසේකර 21 වන ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පායි.”

  1. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක් හෝ ඇමතිකමක් ,රජයේ ඉහළ තනතුරක් දැරීමට හැකිවීම නැවැත්වීම වහාම 21වන සංශෝධනයෙන් කළ යුතුය , සරත් වීරසේකර මහතා කියා ඇති පරිදි ලංකාවේ ඒකීයභාවයට කිසිම අගතියක් නොවන වගන්ති පමණක් එයට ඇතුලත් කළයුතුය. එසේම ජනාධිපතිවරයාට තමන්ගේ හිතුමතයට තීරණ ගැණීම සීමා කළයුතුය .ගෝටභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිතුමතයේ ගත්තු තීරණ නිසා අද රට අගාධයට වැටී ඇත

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More