දේශීය පුවත්

2022 මැයි 09 දා අරලිගහ මන්දිරයෙන් මුදාහැරුණු ප්‍රචණ්ඩත්වය ගාලුමුවදොර දක්වා ක්‍රියාත්මක වු අතර, ඒ සමගම කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය පැතිර ගියේ සුළඟක් මෙනි. අරලියගහ මන්දිරය වෙත පිරිස් ප්‍රවාහනය කරනු ලැබු බස්රථ වල නොම්මර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණ අතර විවිධ පුද්ගලයින් ඉලක්ක කොට පහරදීම් වලට පෙලඹවීම් සිදු වු බව පෙනුනි.

රටපුරා මුදාහැරුණු ප්‍රචණ්ඩත්වය, සියළු මානව සීමා – මායිම් අතික්‍රමණය කරමින් වනචාරීත්වය විදහා දැක්වීය. නිවාස හා වෙනත් දේපල ගිනිබත් කරනු ලැබුනි. ගිනිබත් කෙරුණු නිවාස වල තිබුණු සම්පත් කොල්ලකනු ලැබුනි. විවිධ පුද්ගලයෝ ඝාතනය කෙරුණි. ඇතැම් තැනක සිරුරු තලා දමමින් පුද්ගලයෝ මරා දැමුණි. මෙම සිදුවීම් ක්‍රියාවට නැගුණු ආකාරවල යම් සමානත්වයක් පැවැති බවද එම සිදුවීම් වලට මුහුණ දුන් ඇතැම් පිරිස් පවසති. එසේම එම සිදුවීම් යම් සංවිධානාත්මක බවක් පෙන්නුම් කල බවක්ද පෙනී යයි.

මෙම සිදුවීම් මගින් සමාජීය මනසට ඇතිකළ භීතිය හා පීඩනය, රටතුල ඇති කළ කළු පැල්ලම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට ගෙන ආ අපකිරීතියද ඉතා බලවත්ය.

අරලියගහ මන්දිරයෙන් මුදාහැරුණු ප්‍රචණ්ඩත්වයෙන් ඇරඹී දින කිහිපයක් පුරා රටතුල දියත් කෙරුණු වනචාරී ප්‍රචණ්ඩත්වය පරීක්ෂාවට ලක් විය යුතුය. එම ප්‍රචණ්ඩත්වයේ අගමුල, ඒවාට නියෝග දුන්නෝ, වගකිවයුත්තෝ, සැලසුම් කරුවෝ සහ ක්‍රියාත්මක කෙරූවෝ රට ඉදිරියේ හෙලිදරව් කළ යුතුය. ඔවුන් විසින් කරනු ලැබු අපරාධ වලට සුදුසු පරිදි දඩුවම් ලැබිය යුතුය. නැවත මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගත හැක්කේ එලෙස ක්‍රියා කිරීමෙනි.




2 thoughts on “මැයි 09 දා සිට රටපුරා ඇති වු කළහකාරී සිදුවීම් පිලිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්න – පක්ෂ 10ය ඉල්ලයි”

  1. තවත් රජයේ මුදල් විනාශ කරන්න කොමිසමක් . ජනාධිපති කොමිසම් වලට මොකද වුණේ? තිරු නඩේසන් , නිරුපමා රාජපක්ෂ කොමිසමට මොකද වුණේ . මිනිස්සු රවට්ටන දේශපාලකයෝ නිසා ළඟදීම රටම නැවතත් ගිනිගනීවි .ඒක නිවන්න බැරිවේවි.

    1. සම්පූර්ණ ඇත්ත . මුදල් කාබාසිනියා කරණ බොරු කොමිසම්.

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More