දේශීය පුවත්

මහජන යුතුකම් කේන්ද්‍රය විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හමුවී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බූදයෙන් පියමං කිරීම සඳහා උපකාර කරන ලෙස ඉල්ලා ලිපියක් භාර දෙනු ලැබුණි. එහි සාමාජිකයන් විසින් පාගමනින් ගොස් අදාළ ලිපිය රුසියානු තානාපති කාර්යාලය වෙත භාර දෙනු ලැබීය. පහත පලවන්නේ එම සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් විසින් භාර දෙනු ලැබූ ලිපියේ පිටපතකි.

 

ගරු යුරි මැට්රි මැතිතුමා
රුසියානු තානාපති කාර්යාලය
බෞද්ධාලෝක මාවත

ශ්‍රී ලංකාවට බොර තෙල් ගෑස් සහ පොහොර ලබාදීම

ගරු තානාපති තුමනි

ශ්‍රී ලංකාව සහ රුසියාව අතීතයේ සිට ඉතා සමීප මිතුරන් ව සිටි ඇති අතර මෙතෙක් ඔබ රට ශ්‍රී ලංකාව වෙනුවෙන් අතීතයේ පටන් වානේ කර්මාන්තශාලා තෙල් පිරිපහදු කර්මාන්තශාලා ආරම්භ කිරීමට අත හිත දෙමින් ශ්‍රී ලංකාව දියුණු තත්ත්වයකට පත් කිරීමට අවංකව කැප වී ඇති රටක් බවට අප හඳුනාගෙන ඇත

මානව හිමිකම් කොමිෂමේ දී පවා අප රට වෙනුවෙන් අවංකව කැප වූ රටක් වශයෙන් අප ඔබගේ සේවය ඉතා ඉහළින් අගය කරමු

එවන් පසුබිමක වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අවපාතයට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණක් වන බලශක්තිය සහ කෘෂිකර්මික ක්ෂේත්‍රයේ ගැටලු විසඳාලීම සඳහා ඔබ රට විසින් ශ්‍රී ලංකා රජය වෙත සාධනීය විශ්වාසය සමගින් කරුණු ඉදිරිපත් කර ඇති බව පසුගියදා මාධ්‍ය මඟින් වාර්තා කරන ලදී

එමගින් පැහැදිලි වූයේ බොරතෙල් , පොහොර , ගෑස් මෙරටට ලෝක වෙළෙඳ පොළේ පවතින මිලටත් වඩා අඩුවෙන් ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වය තහවුරු කරමින් ලබා දීමට කටයුතු කරන බවයි

දැනටමත් ඉන්දියාව බටහිර බලපෑම් වලට නතු නොවෙමින් ඔබ රට සමග ගනුදෙනු කරන බවද අප හට වාර්තා වී ඇත

එහෙත් ශ්‍රී ලංකා රජයේ වත්මන් පාලකයන්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් එම කරුණු යටපත් ව ඇති බව අපගේ හැඟීම වන අතර ,ඔබ රට විසින් අප මාතෘ භූමියට ඉන්ධන පොහොර සහ ගෑස් ලබාදීමට කටයුතු කර ඇති ආකාරය මෙරට සමස්ත ජනතාව විසින් දැනගත යුතු ඇති හෙයින්

ඒ සබැඳිව අප සංවිධානයට පිටපත් සහිතව මෙරට මාධ්‍යයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි
සභාපති මහජන යුතුකම් කේන්ද්‍රය

letter to Russian embassy



2 thoughts on “ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස මහජන යුතුකම් කේන්ද්‍රය රුසියාවෙන් ඉල්ලයි”

  1. ඉමහත් ආත්මාර්ථකාමී, අහංකාර, සමාජයේ ගැවසී නැති, නිරතුරු තම භෞතික වර්ධනය පමණක් ඉලක්ක කරගන සිටින මෙම පවුලට රටේ මුල් ඇදුන ඇල්මක් නෑ. සම්පන් ඔරු නිවෙස් වරායේ නවතා ගොඩබිමට සේවයට පමණක් ගිය යට පරම්පරාවකින් පැවත එන මොවුන්ගෙන් ආරක්ෂා විය යුතු වේ

Leave a Reply to ජයන්ත අහංගම Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More