දේශීය පුවත්

ඊයේ (10) සිරස “නිව්ස් ෆස්ට් යූ ටියුබ් ” නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වුවහොත් නැවත වතාවක් ජනාධිපතිවරණ නොපැවැත්වෙන බවත් මැතිවරණ සිතියම තමනට වාසි සහගත අයුරින් හකුලා දමන බවත්ය.

රාජපක්ෂ පවුලෙන් පසුව මෙරට පවුල් දේශපාලනය මෙරටින් තුරන් වන බව අවධාරණය කළ විමල් වීරවංශ මහතා නාමල් රාජපක්ෂගේ දේශපාලන සිහින පවා තවදුරටත් දේශපාලන සිහින බවට පමණක් පත්වන බවයි.

අමෙරිකාවේදී කළු සල්ලි සුදු කිරීමේ වරදට හසුව ඇති බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු ඒජන්තයෙකු ලෙස තම කාර්ය භාරය නිවැරැදිව කරමින් සිටින බවද පැවසුවේය. මෙරට ජනයා එකතුව මෙම මිනිසා පන්නා නොදැමුවහොත් ශ්‍රී ලංකාව නමින් රටක් ඉතුරු නොවන බවද ඒ මහතා අවධාරණය කළේය. සම්පූර්ණ වීඩියෝව පහතින්…



One thought on “බැසිල් රාජපක්ෂ නම් රාජපක්ෂ සාමාජිකයා මේ බිමෙන් එලවා දැමිය යුතුයි- ජානිපෙ නායක විමල් වීරවංශ”

  1. බැසිල් විතරක් නෙවෙයි ඔක්කොම රාජපක්ෂලා ටික එළවන්නට කාලය හරි . තාත්තා රටේ නායකයා වෙලා හිටිය කියලා පුතා රජ කරණ මෝඩ තකතීරු දේශපාලනයටද තිත තැබිය යුතුයි .ඒක සජිත්ට වගේම නාමල්ටත් අදාලයි

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More