දේශීය පුවත්

අදහස් පලකළ ජාතික සංවිධන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ජනවරම නිර්මාණය කෙරෙන්නේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වල න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාය. මේ වන විට ඉන්දියාව ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාල ඉල්ලීම් ඉදිරිපත් කරනවා, බලපෑම් කරනවා. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ට වුවමනා ආකාරයට සංශෝධනය කිරීමට බලපෑම් කරනවා. එසේ නොමැතිනම් ජනාධිපතිතුමා ඇතුළු යුද්ධයට නායකත්වය ලබා දුන් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන බවට බලපෑම් කරනවා, බියගැන්වීම් කරනවා.

වෙනත් වචනවලින් කියනවා නම් යුද අපරාධ චෝදනා ප්‍රාණ ඇපයට යොදාගනිමින් බෙදුම්වාදීන් ව්‍යවස්ථා සංශෝධන කප්පම් ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලපෑම් කිරීම සදහා පවතින ආර්ථික අර්බුදය එම බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නවා. එම බලපෑම්වල ප්‍රධාන කොන්දේසියක් තමයි ජාතික ආණ්ඩුවක් හෙවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම. එවිට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වලට මෙන්ම ඔවුන් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින දේශපාලන බලවේග වලට හැකියාව ලැබෙනවා ආණ්ඩුව සමග කේවල් කිරීමට. මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වපාක්ෂික සමුළු යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව තුළ සිටින බටහිර න්‍යාය පත්‍රයට ගොදුරු වූ පිරිස් එම යෝජනාව අයුතු ලෙස භාවිතා කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. දැලිපිහියෙන් රැවුල කපනවා වගේම බෙල්ල කපන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා ජාතිකවාදී බලවේග මෙම උගුලට පය නොතැබිය යුතු බව අපි ප්‍රකාශ කරනවා.

සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා බැසිල් රාජපක්ෂ විසින් එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙකු මරා දැමීමට සූදානම් වන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවතට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ වසන්ත බණාඩර මහතා මෙසේද පැවසීය.

”ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන දැඩි පීඩනය ආණ්ඩුවට එල්ල කරමින් තියෙනවා. මේක නිකන් රික්තකයක තියෙන දෙයක් නෙවෙයි. මේ බලපෑම ඇතුලේ මේ යෝජනා එනකොට තමයි අපිට සැක උපදින්නේ. මේ අතරේ බැසිල් රාජපක්ෂ මහතා හදනවා මේ හරහා ඔහුගේ දුෂ්ඨ අරමුණු 5ක් ඉටුකරගන්න. ඒ් කියන්නේ එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙක් මරා ගන්න.

පළමු අරමුණ තමයි සර්ව පාක්ෂික සමුළුව හරහා අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒතකොට ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවක්. ඒ් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කවුද රාජිත සේනාරත්නලා රිෂාඩ් බදුර්දීන්ලා වගේ අය. ඒක ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක්. මේ දුෂ්ඨ ක්‍රියාවලියට ගොදුරැ වෙන්න ඒපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

දෙවැනි අරමු ණ තමයි මේ මොහොතේ මතුවෙලා තියෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම. ඒක සමනය කරගන්නේ කොහොමද මහජනයා තුළ සර්ව පාක්ෂික සමුළුව හරහා සුබවාදී හැගීමක් ඇතිකිරීමෙන්. දැන් එළුවගේ අහවල් ඒක වැටෙයි කියා මහජනයා ඒ් දෙස බලා ඉන්නවාත ඒක බැසිල්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.

තුන්වන අරමුණ තමයි අයි.එම්.එෆ් වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවේ අනුමැතිය ලබාගැනීම. දැනුත් අයි.එම්.එෆ් යෝජනා තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලේ අනුමැතියකින් තොර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තීරණය කරනවා රුපියල පා කරන්න. ඒ් අනුව බඩුමිල ඉහළ යනවා. ඔහු මේ යෝජනා ක්‍රියාත්මක කරලා රටේ ආර්ථිකය තවත් අමාරු අඩියකට ගෙනත් තියෙනවා. මේ සියල්ලේ උරුමය සර්ව පාක්ෂික සමුළුව මත පටවා අත පිස ගැනීම තමයි ඔහුගේ තුන්වන අරමුණ.

හතරවන අරමුණ තමයි දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11ක් එකතුවෙලා සමගි සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කිරීම තමයි හතරවන උවමනාව. ඒක දුර්වල කරන්න, ඒක බිදවට්ටන්න තමයි ඔහුගේ හතරවන අරමුණ

පස්වන අරමුණ තමයි එම පක්ෂ විසින් ඉදිරිපත් කරා තියෙන මුළු රටම හරි මගට කියන යෝජනාවලිය පිළිබඳ සමාජය‌ේ මතුවෙලා තියෙන සංවාදය යටපත් කිරීම. ‌

මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින්



One thought on “සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා එන බැසිල්ගේ දුෂ්ඨ අරමුණු 05 මෙන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)”

  1. මව්බිමේ එන අනතුර වෙලාසනින් දකින ඔබතුමාලාට අවුරුදු 02ක් එන ගොඨාභය බැසිල්ගේ අනතුර ඇයි වෙලාසනන් නොදැක්කේ

Leave a Reply to nimal Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More