දේශීය පුවත්

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබෙන්නේ වරදකරුවන් නීතිය හමුවට රැගෙනවිත් වින්දිතයාට යුක්තිය ඉටුකිරීම දෙරටේ දීර්ඝකාලීන මිත්‍රත්වය සහතික කරගැනීමක් බවයි.

උන් වහන්සේ එම ලිපිය මෙරට පාකිස්තානු මහ කොමසාරිස්වරයා හරහා පාකිස්ථානු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද වාර්තාවේ.

උන් වහන්සේ එම ලිපිය මගින් පාකිස්තානය ලැජ්ජාවට පත් කළ මෙම සිදුවීම හමුවේ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමට පත්වූ බවත් එමගින් පාකිස්තානු නායකත්වයේ ස්වාධීනත්වය පෙන්නුම් කළ බවත් ප්‍රකාශ කර ඇත්තාහ.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියෝ එම ලිපිය මගින් ශ්‍රී ලංකාකික ජනයාගෙන් ඉල්ල සිටින්නේ පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසයි. එලෙසම ශ්‍රී ලාංකිකයින්ද ඇතුළුව පාකිස්තානයේ සේවය කරන සියලු විදේශිකයින්ට යහපත් වාතාවරණයක් රට තුළ නිර්මාණය කරදෙන ලෙසත් මහනායක හිමියෝ අදාල ලිපිය මගින් ඉල්ලා සිටිති.



One thought on “ප්‍රියන්ත ඝාතනයේ විත්තිකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට යොමුවීම සම්බන්ධයෙන් පකිස්ථානු අගමැතිවරයාට අස්ගිරි පාර්ශවයේ ප්‍රසාදය”

Leave a Reply to Edirisinghe eac Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More