ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාව මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත්කරනු ලැබීය.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මෙලෙස පත්කරනු ලැබු අතර එම කමිටුවේ අතුරු වාර්තාව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන්නේය.
අදාළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සදහන් කළේය.
“2015 ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇති කරපු දිනයේ සිට මේ අවුරුද්ද ආරම්භය දක්වා එහි ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු විමර්ශනය කරලා වාර්තාවක් සපයන්න කියලා අපි විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විජේවර්ධන මැතිනියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කළා. එහි අතුරු වාර්තාව තමයි අපට ලබාදුන්නේ. ඒ වාර්තාව අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කරන්න නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් වෙන්න ඕනේ කියලා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම දිගින් දිගටම එම ආයතනයේ විවිධ වංචා දුෂණ සිදුවෙලා තියෙන බව තමයි වාර්තාවලින් අනාවරණය වෙන්නේ. ඒ පිළිබඳව අපි හදාරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඒවගේම විශේෂයෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ පනත කඩිනමින් සංශෝධනය කරන්න ඕනේ කියලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මොහුට මෙම අමාත්රංශය භාර දුන්නනම් ගිය ආණ්ඩුවේ හොර ඇමතිගේ නිලධාරින් ටික පන්නලා මොහුට වැඩ කරන්න පුළුවන් නිලධාරීන් එම තනතුරු වලට ගන්න ඕනේ. දැන් දැක්කනේ ඖෂධ මාෆියාව රටට එලි කරපු චන්න ජයසුමන ආව ප්‍රශ්න ටික.. කාර් තියෙනවා කිව්වා ගෙවල් තියෙනවා කිව්වා විපක්ෂය සහ ඔහුන්ට හිතවත් වෘත්තිය සමති වල රවී කුමුදෙශ් බෙල්ලෙන වැනි අය මොනවද නොකිව්වේ නමුත් ඒ ඔක්කොම බොරු කියලා ඔප්පු උනා.. වැඩක් කරන හොර වංචා නැති මිනිස්සුන්ගේ ආදරය දිනා ගත්ත ඇමති කෙනෙක්. රටට සෙතක් අවශ්‍යනම් මේක සුද්ද කරගන්න ඕනේ..