ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ අද(06)යළි කැඳවු අවස්ථාවේදි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ රට තුළට ගුණාත්මක ඖෂධ ගෙන ඒම වැළැක්වීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ සමඟ රාජ්‍ය සේවකයින්, කූට ව්‍යාපාරිකයින් මෙන්ම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඇප ඉල්ලීමක් සිදුකළේය.
“ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුනා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුනා ද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් තීරණය කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ”.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තමන් විරුද්ධ බව පැවසුවේය.
“ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50ක්, 60ක් මැකුනානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිපවරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද කියලා? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි.දත්ත ලේඛන ලක්ෂ 11ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි”.
අදාල සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.
“ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ නිරත ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි”.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මමනම් හිතන්නේ එපික් ලංකා එකේ ඒ නිලධාරියාට දත්ත මකන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ නමුත් දත්ත මැකීමේ පුටුපස සිටින්නේ කව්ද කියලා හොයන්න. රටම දන්නවා හැබැයි දත්ත මැකීම පිටුපස ඉන්නේ රාජිත සේනාරත්න කියලා.රාජිතලා බැලුවේ සමාජ ජාලා ඔස්සේ චන්න ජයසුමනව මේකට සම්බන්ද කරගන්න. නමුත් අන්තිමේදී සත්‍ය ජයගත්තා. ඔහු යටතේ ඖෂධ ආයතන ටික තියෙනකම් රටට ගුණාත්මක බෙහෙත් එයි. මාෆියාව නැති වෙලාම යයි..
පහු ගිය දවස් වල මෙම පුවත රටේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුනේ මේ සඳහා රටේ නම් ගිය පුද්ගලයින් සහා ඔවුන්ගේ හිතවතුන් සම්භන්දව චෝදනා ලැබීමත්, ඒ සඳහා ඔවුන්ගේ හිතවතුන්ද සම්භන්ධ වී යැයි යන්න සමාජය පුරා පැතිර යාමත් සමඟයි. එය මේ වන විට අධිකරණය දක්වා ගොස් එහි විමර්ෂණ කටයුතු සිදු වෙමින් පවතී. මේ වන විට එහි සියලු තොරතුරු දිනෙන් දින අණාවරණය වෙමින් පවති. එහෙත් මෙහි සිදුව ඇති බරපතල සිද්ධින් පිළිබඳ අනාවරයන් සිදු වුයේ වර්ථමාන අමාත්‍යවරයා එහි ඇමති ධුරයට පත් වීමෙන් අනතුරුවයි. එත් සමඟම හට ගත් මෙම ප්‍රශ්නය මේ වන විට ඖෂධ ජාවාරම්කරුවන්ට මහත් ගැටලුවක් වීමෙන් ඔවුන් භුමිතෙල් ගෑවුනු ගැරඩින් සේ දගලමින් එම අවංක නිළධාරීන් තනතුරු වලින් ඉවත් කිරිමට පිඹුරුපත් සකසමින් සිටින බවට ඔවුන්ගේ කුලී හේවායින් විසින් කරනා විවිධ සාකච්ඡා මගින් හොඳින් වැටහෙමින් පවතී. කෙසේ වෙතත් තව නොබෝ දිනකින් මෙයට සම්භන්ධ සියලු දෙනා නීතිය ඉදිරියේ දන ගසනු ඇත. එදිනට සොයා ගත හැකි නිවැරදි කරුවන් හා වැරදි කරුවන්.
Horakan karapu eun horakan nokala ayataagilla dikkarala kochchara hora hora kiuwath anthimata atta eliyata enawa. dna me wenakota aththa adikaranaya thuladi tikin tika eliyata emin thiyenawa. wardi kale kauda koi kaledida kiyalath hodata pahadiliwama eke kiyla thiyenawa. channa jayasumana amathi warayawa ain karanna kiyala kagahpu eun dan moko karanne ? redi ada genada inne kiyala hitha gannawath bah.
Ane Dan terenawa neda eyalage Daththa Eyalama makala ita passe wena ayawa allanna gahana gema. dan ithin eh gana cid eken tika tika hoyagena yanawa. heta anidda wena kota ithuru tikath eliyata ei. dan wenakota api hamoma dannawa methuma ena kota othana godak dushana wela thiyenawa kiyala. eka nawaththanna hadan wele idn ethumage kakulen adinawa. kalakanni rate minissunge salli mankolla kala dan ewa wahanna karana dewal neda ane.
අධිකරණයේ ගොනු වුණු පැමිණිල්ල නිසා ඇත්ත සඟවන්න මාෆියාවට සම්භන්ද පුද්ගලයින් විසින් සිදු කරන ලද මෙම කුමන්ත්‍රණය මගින් මෙයට සම්භන්ද පුද්ගලයින්ගේ රෙදි දැන් ටිකෙන් ටික ගැලවෙමින් පවතී. කොහෙන් වත් ගැවිලා වත් නැති මේ සම්භන්දයෙන් කරුණු වාර්ථා කළ රාජ්‍ය ඇමතිතුමා ඇතුලු අවංක නිළධාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් සැරසුනේ මෙම ඖෂධ මාෆියාව යට ගැසීමටය. ඒ සියල්ල දැන් දැන් බොරුවක් වෙමින් ඔවුන් කරපු සත්කාර්්‍යය රටට එළි වෙමින් පවතී. මිලියන ගනන් වල ගෙවල් රේන්ජ් රෝවර් ඇතැයි පැවසු පිරිස් ඔවුන්ගේ කාලකන්නි කම දැන් රටම පෙන්වා අවසානය.
Me kalakanni sakkili wadak karana kenekutawath eka karanna denne nh.oushada mafiyawa nawaththala janathawata sadaranayak kala uthui hithala asadaranayata erehiwa nagitla anthimata ratenma banum ahanawa.ekada hari kathawa. Kauda oushada mafiyawa geniyanne kiyla parliment ekedi eli karama kata wahanna gahapu madak.