දේශීය පුවත්

මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 28දා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

අද වන විට රට තුළ ඇඳිරි නීතිය පනවා තිබුණත් පාරට බැස්සම තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්. අද ඇඳිරි නීතිය වචන දෙකක් බවට පත් වෙලා. එදා ඇඳිරි නීතිය ගැන එව්වාම පාරේ මිනිස්සු හිටියේ නෑ. වාහන තිබුණෙ නෑ. කඩ ඇරලා තිබුණේ නෑ. අත්‍යවශ්‍ය සේවා පමණයි. විවෘතව තිබුණේ නමුත් අද සාමාන්‍ය දින වලටත් වඩා ජනතාව වාහන පාරේ ගමන් කරනවා. ඒ අතරේ දේශපාලන වැඩත් සිදුවෙනවා පොහොට්ටුවේ පක්ෂ කාර්යාලය විසින් සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා දේශපාලන රැුස්වීම් කැඳවන්න. පසුගිය සතියේ අපි දැක්කා සී. බී. රත්නායක, සරත් අමුණුගම ඇමැතිවරු විසින් රැුස්වීම් පැවැත්වුවා. කොහොමද ඇඳිරි නීතියක් තිබෙන මොහොතක මහජනතාව කැඳවන්නේ. රටේ නීතියට මොකද වෙන්නේ එය දූෂණයට ලක් වෙලා.

අද වෙනවිට අහිංසක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙලා. එහිදී මුලදී ගෑස් හි`ගයක් අපි දැක්කා. නමුත් දැන් භාණ්ඩ ගණනාවක් හිඟ වෙලා සහල් කිරිපිටි ගෑස් සිමෙන්ති වෙළඳපොළේ නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මිල සූත‍්‍රයක් තිබෙනවා. මුලින් භාණ්ඩ සැඟවීම + පසුව සොයාගැනීම + ඉන්පසුව මිල වැඩි කිරීම. අද වෙළඳපොළේ හාල් ගන්න බැරි නම් දරුවන්ට කිරි පිටි ගන්න බැරිනම් පාන්

ගෙයක් හදාගන්න වෙළඳපොළේ  සිමෙන්ති ටිකක් ගන්න බැරිනම් ආණ්ඩුවක් වැඩක් නැහැ. සංවර්ධනය ගැන කතා කරන ආණ්ඩුව නමුත් සිමෙන්ති කොට්ට දෙකක් ලබාගන්න බැරි තත්ත්වයක් අද ඇති වෙලා. අද වන විට අපේ රට බංකොලොත් තත්ත්වයට පත්කරලා. රටවල් බංකොලොත් වෙනවා අහල තිබුණට දැකලා තිබුණේ නැහැ. එය අපි දැන් අත්විඳිමින් තිබෙනවා. ආණ්ඩුව

දිගටම හිට ගත්තේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ පැත්තෙ. සහල් මාෆියාවට තිත තබනවා කිව්වා. ආපු ගමන් වී මෝල් වැටලෙව්වා මෝල් හිමියන් දණගස්වනවා කිව්වා. එවැනි නාට්‍ය රඟ දැක්වීම කළා.



One thought on “කොළඹ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කරලා”

Leave a Reply to Nimal R Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More