ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධියට අදාළ පරීක්ෂණය අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එම අවස්ඨාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධිය ඖෂධ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාපිළිවෙතේ කොටසක් වියහැකි බවයි.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම ‘එපික් ලංකා’ නමැති පෞද්ගලික සමාගම විසින් වසර පහක කාලයක් සඳහා භාරගෙන තිබූ බවත් අදාළ ආයතනය සිය වගකීම නිසිපරිදි ඉටු කිරීම පැහැර හැර ඇති බවත්ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කරණු ලැබුවේ අදාළ ආයතනයේ නොසැලකිලිමත්භාවය නිසා මෙම දත්ත මැකී ගොස් ඇති බවය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව ආරක්ෂා කිරීම සඳහා මෙම ආයතනය නිසි වැඩපිළිවෙලක් ගෙන නොතිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තොරතුරුවල “බැකප්” පවත්වාගෙන යාමට පවා එම ආයතනය කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.
ඇතැම් ඖෂධ සමාගම් එකම ඖෂධය විවිධ නම්වලින් ආනයනය කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඖෂධවල සංයුතිය පිළිබඳ දත්ත ගබඩා කොට තිබෙන්නේ දැනට මැකී ගොස් තිබෙන පරිගණක දත්ත ගබඩාවේ බවද සඳහන් කළේය.
මෙම දත්ත ගබඩාව මේ වනවිට මැකී යාම නිසා ඖෂධ සමාගම්වලට ඖෂධවල මිල ගනන් තමන්ට අවශ්‍ය පරිදි නියම කිරීමට හැකියාවක් මතුවී තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම දත්ත ගබඩාව විත්තිකරුවන්ගේ අධීක්ෂණය යටතේ යාවත්කාලීන කරනු ලැබුවහොත් එහි ඇති වැදගත් තොරතුරු මැකී යාමේ අවදානමක් පවතින හෙයින් ඒ පිළිබඳව අධ්‍යනය කොට කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ප්‍රකාශ කළේ අදාළ පරිගණක දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නොමැති බවය.
ඒ අනුව අදාල දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම වළක්වාලමින් ඉකුත් දා නිකුත් කර තිබූ නියෝගය ඉවත් කරන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම යාවත්කාලීන කිරීමේ කටයුතු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කොට සිදු කළ යුතු බව දැනුම් දුන්නේය.
අනතුරුව පැමිණිල්ල දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට ද නියම කළ අධිකරණය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඒ කියන්නේ රාජිතට හිරේ යන්න වෙයිද ??
anh niwaradi werdikaruwan witharak hire danna