සමහර වෛද්‍යයවරුන්ගේ කඩා කප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එන්නත්කරණ වැඩ සටහන මාස හතරකින් පමා වූ බවට ආණ්ඩුවේ යම් පාර්ශව විසින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ” එම චෝදනාව සත්‍යයක්. යම් කිසි වෛද්‍යයවරයෙක් කියනවානම් මෙම කොරෝනා වෛරසය ජෛව අවි ප්‍රහාරයක් සහ එන්නත යනු මහා සමාගම් විසින් නිර්මාණය කරණ ව්‍යාපාරික අවස්ථාවක් කියා, එය වෙනමම සලකා බැලිය යුතු තර්කයක්.ඒත් විශේෂඥ වෛද්‍යයවරුන් කිහිප දෙනෙක් සයිනොෆාම් එන්නතට පමණක් විරෝධය පළ කරණ විට එම එන්නත බොහෝ දියුණු රටවල් ඇතුළු රටවල් 150 ක භාවිතා කරණවා. නමුත් බොහෝ විට චීන විරෝධය නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඔවුන් විසින් කඹ ඇදීම හේතු කොට ගෙන එන්නත් කරණය පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා පමා වුණා යැයි පැවසීම සත්‍යයක්. දැන් තවත් වෛද්‍යයවරුන් පිරිසක් විද්වත් සභාවල කතා කළ යුතු මාතෘකා මාධ්‍යය මගින් පොදු ජනයාට පවසමින් සයිනොෆාම් එන්නත පිළිබඳව සැක ඇති කරවනවා. එම කටයුත්තත් මෙම චීන විරෝධයේම කොටසක් විය හැකියි.ඒ අනුව ඔවුන්ට ඇත්තේ එන්නත්කරණය පිළිබඳ විරෝධයට වඩා චීන විරෝධයක් බව පැහැදිළි වෙනවා.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Agreed Dr Bandara, This is when and where Sri Lankan Medical Professionals far behind of international standards. True they talk matters beyond their capacity, uttering to the public without empirical evidence.