දේශීය පුවත්

දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවත් ඒ මහතා කීවේය. මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ෆයිසර් එන්නත කොවිඞ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත් සයිනොෆාම් එන්නත අක‍්‍රීය කරන ලද කොවිඞ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

දැනට කොවිඞ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී ඇති බවත් ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

(2021/09/06 දිවයින පුවත්පතින් උපුටා ගැණුනි)



One thought on “දරුවන්ට කොවිඩ් එන්නතදීමට හදිසි වෙන්න එපා – මහාචාර්ය තිස්ස විතාරණ”

  1. Thank you Prof Vitarana. Your intervention is very timely. The mRNA vaccines are experimental and they are only learning now what happens when they are injected into the body.

Leave a Reply to Prof Sivali Ranawana Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More