දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.
අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනු යි ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ.
කොවිඩ් ව්‍යාප්තිය හා මරණ සම්බන්ධ ව ලැබෙන දත්තවල ගැටලු පිළිබඳ ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව හා යම් ලෙසකින් දත්තවල ප්‍රමාදයක් හෝ වැරදීමක් සිදු වුවහොත් කඩිනමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ජනරාල්වරයා අවධාරණය කරනවා.
මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කරන්නේ.
මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කරන්නේ.
මෙතෙක් එන්නත ලබා නො ගත් සුළු ප්‍රතිශතයක් රට පුරා බෙදී යාම මත, අවදානම් සහගත හා සංකූලතා ඇති පිරිස මිය යන බවත්, මරණ සංඛ්‍යාව සියයට අඩුවෙන් පවත්වාගෙන යාමට ඔවුන් ව ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු කළ යුතු බවත් වෛද්‍යවරයාගේ නිර්දේශය යි.
පවතින අවදානම සමඟ නැවත රට විවෘත කිරීමට නම් රෝගය මර්දනය කිරීමට හා කළමනාකරණය කිරීමට සුදුසු ම තීරණ හා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.
එක් එක් ආයතන හා කර්මාන්ත භාර ව සිටින බලධාරින් හා සියලු ම ජනයා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ව්‍යසනකාරී තත්ත්වය පාලනය කරගැනීමට සහාය දක්වන ලෙසට ජනරාල්වරයා සියලු ම කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.
නැවත රට විවෘත කළ ද පවතින අවදානම අඩු කරගත හැක්කේ, සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කරමින් හා කඩිනමින් එන්නත්කරණයට යොමු වීමෙන් පමණක් බවයි වෛද්‍යවරයාගේ විශ්වාසය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ තියෙයි දැන්.සමහරු මෙවගෙන් වාසි ගන්න හදනවා එත් මේ එයට අවශ්‍යතාව නෙ.එක නිසා හැමෝම සහයෝගයෙන් කටයුතු කරල රටට වෙලා තියෙන විපතින් රට නැගිට්ට වන්න.රජයට උදව් කරමු.
දැන් ඉතින් අපි හැමෝම ගොඩක් පරිස්සම් වෙමු.මොකද රට තවත් වහල තිබොත් අපි හැමෝගෙම ආර්ථිකය ගොඩක් වටෙනවා. සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් හොදින් පිලිපැදලා මේක ඉවරයක් කර ගමු.
eka itha naraka arnchiyak api siyalu denatama.eh nisa godk parissmin wada katuthu kala uthui.nathnam eh prabedayat lankwe raja karanna patn gani.hamoma eka wanwa sita rajayata ha saukya ansha wlata sahyogaya dakwamu.
ane ithin ape ratta thama okkoma enne. api ape yuthukama itu karamu. ethakota covid maraya paradha karanna puluwan.eka rajytt loku sahayogayak.
me wage welawaka thawat covid prbedayak lankawen hoya gatta eka gana sathutu wena ayat athi eth eh kuhaka minissu. mona unath rata watila thiyena me welawe hamoma sahyogyen katayuthu karanna oni.ekai wadagath.