දේශීය පුවත්

රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

2021 වර්ෂය සඳා ඇස්තමේන්තු ගත කර ඇති රුපියල් බිලියන 2694ක රජයේ අත්‍යාව්‍ය පුනරාවර්තන වියදම තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාව තුළ රජය විසින් දැරීමට අපේක්ෂිත සමස්ත වියද් නැවත පූර්ණ ලෙස සමාලෝචනය කිරීමට සිදුව ඇති බවද වාර්තා වෙයි.

එන්නත්කරණය, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක්වූ පවුල් වෙත සහන සැලසීම යනාදිය සඳහා රජය ගත් පියවර හේතුවෙන් පුනරාවර්තන වියදම් තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය වියදම් නැවත සමාලෝචනය කරමින් වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව නියමිත ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය කිරීම හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීම, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු කර තිබුණත් තෛක් පත්වීම් කර නොමැති තනතුරු සඳා බදවා ගැනීම් කල්තැබීම, සුභසාධන වැඩසටන් යටතේ හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලේඛණ සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීම යන යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය කර නොමැති කිසිඳු දීමනාවක්, සුබ සාධන වැඩසටහන්, සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමටද යෝජිතය.

සේවා අවශ්‍යතාව මත අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියලුම නිලධාරී කණ්ඩායම් වෙත ලබාදීමට වෙනුවට සත්‍ය වශයෙන්ම කාර්යයේ නියැලෙණ නිලධාරීන් පමණක් ඒවා සීමා කිරීමටද යෝජනා කර තිබේ.

එම යෝජනාව ඇතුළු යෝජනා 8 කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

එක් එක් අමාත්‍යාංශය විසින් ඉතිරි කීරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා භාණ්ඩාගාරය වෙත තොරතුරු ලබාගැනීමද නියමිතය.



5 thoughts on “රජයේ පටි තද කර ගැනීමට බැසිල්ගෙන් යෝජනා”

  1. rate me pawathina thathwaya matha janathawa wethama bara nopatawa me gena athi kriya margayanta godka sthuthi.

  2. රජය මේ ගත්ත තීරණය ඇත්තටම හොද තීරණයක්.

  3. මේ වෙන දේවල් එක්ක අනාගතයේදී කුමකින් කුමක් සිදු වේ දැයි කිව නොහැකි පසුබිමක් පවතින්නේ. නමුත් වර්තමාන රාජ්‍ය පාලනය එයට නිවැරදි විසදුම් සොයමින් නිවැරදි තීරණ ගනිමින් හොඳ ගමනක් යමින් සිටිනවා. එයට අප විසින් සහයෝතය ලබා දිය යුතුයි.

Leave a Reply to රුක්ෂාන් සිල්වා Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More