දේශීය පුවත්

“මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන බලාත්මක කරන” බව
සඳහන් කරමින් ජනාධිපති රාජපක්ෂ විසින් ඊයේ එනම් අගෝස්තු 30වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව දැන් ශ්‍රී ලංකාවෙහි හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි නීති අංශ සඳහන් කරති.

රාජපක්ෂ මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ ”මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල” යැයි ඔහු කල්පනා කරන බව සඳහන් කරමිනි.

සාමාන්‍යයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන විට මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය ද වෙනම ගැසට් කරන නමුත් මෙම අවස්ථාවෙහි හුදෙක් ඒ බව සදහන් කරමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජේෂ්ඨ නීතිවේදියකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

‍හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති විට පනත් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට යැවීම හෝ ඒවා ශ්‍රේෂ්ඨාධිකරනයේ විමසුමට ලක් කිරීම අවශ්‍ය නොවේ.

අවශ්‍ය නම් මෙම හදිසි තත්වය යටතේ ජනාධිපතිවරයාට නියෝගයක් මගින් මාධ්‍ය වාරණයක් පැනවිය හැකිය.

ශ්‍රී ලංකාව පුරා දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යයි මා අදහස් කරන හෙයින්;

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන මම 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර සකස්කරන ලද, අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේ ම දෙදහස් විසිඑකක් වු අගෝස්තු මස 30 වන දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතු යයි මේ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කරමි.

වර්ෂ දෙදහස් විසිඑකක් වූ අගෝස්තු මස 30 වන දින කොළඹ දී අත්සන් කරන ලදී.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් විසින් මේ සම්බන්ධයෙන් කරන ලබන විග්‍රහයක් පහත පළවේ.



5 thoughts on “ජනාධිපති විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි”

  1. ලංකාවේ ඉන්න මේ වගේ තුච්ච වැඩ කරන අහිකුනඨකයින්ට දෙන්න තියෙන්නේ ඉදලෙන්. හමබ්කරන ලාබේ මුන් ඕව ජාති ජාතිත් ඵල දෙනවා. පවු අහිංසක මිනිස්සු.

  2. මේ වගේ වරා වැඩ කරන්න නම් මුන් මිනිස්සු වෙන්න බෑ

Leave a Reply to Sagarika Alvis Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More