දේශීය පුවත්

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මංතීරුව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්…

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම

පොළොන්නරුව නගරය ආසන්න ඇවිදින මංතීරුවක් නොමැතිවීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා සත්භාවයෙන් හා යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි සිතමි.

පරාක්‍රම සමුද්‍රය මහාවේල්ල (බැම්ම) ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමත්, ගොවිජනතාවට එහි ඇති ජීවත්වීමේ අරගලයේදී තිබෙන දැඩි සම්බන්ධය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවිජනතාව සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමට තිබුනි. එවිට මෙවැනි ගැටළුවක් පැනනගී නම් ව්‍යාපෘතිය කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබුණි.

මෙම ප්‍රශ්ණය මතුවීමේදී තිසා වැව, කුරුණෑගල නගරයේ වැව, නුවරවැව සහ තිස්සමහාරාම වැව මෙවැනි ඇවිදින මංතීරු දමා ඇතිබව සමාජ වෙබ් අඩවි වල පෙන්වා තිබුනි. එහෙත් එම වැව් වලට වඩා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇත. පරාක්‍රම සමුද්‍රය සෑදී ඇත්තේ විශාල වැව් 3ක් එක් කිරීමෙනි. ඒ තුළ ඇතිවන ජල ධාරිතාවය ඉහතකී අනෙකුත් වැව් වලට වඩා අති විශාලය. පසුගිය කාලයේ මාගේ මැදිහත්විම තුළද පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි සිය ගණනක් වියදම්කර පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම අඩියක් වැඩිකිරීමද, ඉංජිනේරුවරුන් විසින් වැව් බැම්ම ශක්තිමත් කිරීමද කරනු ලැබීය.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ.
1. ව්‍යාපෘතිය පිළිබඳව සක්‍යතා අධ්‍යයනයක් කිරීම.
2. විශේෂඥයින්ගෙන් උපදේශණ සේවයක් ලබාගැනීම.
3. ඉදිකිරීම.

(මෙම කරුණු 3 ආයතන 3කින් සිදුකල යුතුයි)

මෙහිදී මෙම කරුණු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි. ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ඨ නිරිමාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන්, වාරි තාක්ෂණයේ විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම ගොවිජනතාව සහ මහා සංඝරත්නය බලාපොරොත්තුවීම සාධාරණය.

මෙම ප්‍රශ්නයට පහසුම විසදුම නම් දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහාපැත්තේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීමය.

ඉහත කී සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමද ගොවිජන සංවිධාන වල සහ මහා සංඝරත්නයේ එකඟතාවය මේ සියලු කටයුතු වලට ලබාගැනීමද අත්‍යාවශ්‍ය වෙයි.



5 thoughts on “පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්”

  1. ගොඩ කාලෙකින් එලි බැස්සෙ.මොනවා උනත් එක තම වෙන්න ඕනි. ඉස්සරහට කොලඹටම ඇවිත් ව්‍යයාම කරල යන්න පුලුවන් .

  2. කොහේද එහෙම වත් දැනුමක් තියෙන එවුන්ද මේ මේවා කරන්නෙ. රැකගත යුතු පැරණි තාක්ෂණය රැකගත යුතුයි.ඒකනගය කරන්න ඕනී.

  3. mewa hadankota athiwena diunuwata wipakshaya kamathi nathuwa athi mko eyalata janatha prasadaya ahimi wena nisa.methuma kiyana kathawa hari.hoyala balala karanna oni wadak.

Leave a Reply to Chathura Gunarathna Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More